Header Ads

අනියම් කම් සැප සොයා ගිය ගැහණියකගේ ඉරණම



හගුරන්කෙත, ගලහ - ලෙවලන්වත්ත ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කර වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ කාන්තාවගේ අනියම් ස්වාමිපුරුෂයා විසින් එම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව හගුරන්කෙත පොලීසිය පැවසුවේය.

28 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය ජනවාරි මස 21 වනදා සිට අතුරුදන්ව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී එම කාන්තාව සිය අනියම් ස්වාමිපුරුෂයා සමඟ පදිංචිව සිටි නිවස තුළ වළදමා තිබූ ඇයගේ මළ සිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර ඔහු වසර 10ක පමණ කාලයක සිට සිය අනියම් බිරිඳ සමඟ අදාළ නිවසේ පදිංචිව සිටි ඇති බව වාර්තා වෙයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.