Header Ads

අතවරකළ පොලිස්පති අධිකරණයට ගෙන ආ දිරිය කත.


1988 වසරේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සිවිල් සේවයේ යෙදී සිටි නිලධාරීන් අතර පස්වැනි ස්ථානයේ ඉහළම තනතුරේ සිටි කාන්තාව වූයේ රූපන් ඩියෝල් බජාජ්ය.

එහෙත් ප්‍රාන්තයේ පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට ගියවිට ඇගේ තනතුරේ උසස් බවින් එතරම් ප්‍රයෝජනයක් නොවීය.

එවක පන්ජාබ් ප්‍රාන්තයේ පොලිස්පතිවරයාව සිටි කේ පී එස් ගිල් ප්‍රකටව සිටියේ කිසිවෙකුට ලංවිය නොහැකි බලවතෙකු ලෙසිනි.

ඔහුට එරෙහිව බජාජ් කළ පැමිණිල්ලක් ඉහළ නිලධාරීන් නොසළකා හැරීමෙන් පසු ඇය සාධාරණය ඉල්ලා අධිකරණයේ නඩු පැවරුවාය.

ඒ වනවිට කාන්තා හිංසනයට එරෙහිව ඉන්දියාවේ කිසිදු කාන්තාවක් අධිකරණයට ගොස් නොතිබුණි.

ඉන්දියානු සමාජය මතවාද දෙකකින් බෙදා වෙන්කළ මෙම නඩු විභාගයේ තීන්දුව වසර 17 කට පසු ලැබුණේ පොලිස්පති කේ පී එස් ගිල් වැරදිකරු කරමිනි.

http://www.bbc.com/sinhala/world-38855332

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.