Header Ads

හිට්ලර් ගේ ෆෝන් එක වෙන්දේසි වෙයි


දෙවැනි ලෝක යුද සමයේදී ඇඩොල්ෆ් හිට්ලර් විසින් භාවිතා කළ රතු පැහැ දුරකථනයක් ඇමෙරිකාවේදී වෙන්දේසි වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් 243,000කට වෙන්දේසි වී ඇති මෙම දුරකථනයේ හිට්ලර් ගේ නමද කොටා ඇති අතර, එය සොයාගෙන තිබුණේ බර්ලිනයේ තිබූ ඔහුගේ බංකරය තුළිනි.

ජර්මනිය යටත් වීමෙන් අනතුරුව මෙම දුරකථනය සිහිවටනයක් ලෙස සෝවියට් සොල්දාදුවන් විසින් ඉංග්‍රීසි යුද නිලධාරියෙකු වූ ශ්‍රීමත් රැල්ෆ් රේනර් වෙත ලබාදී තිබේ.

මේ අතර, හිට්ලර් ට අයත්ව තිබූ ඇල්සේෂන් සුනඛයෙකුගේ පෝසිලේන් රුවක් ද ඇමෙරිකානු ඩොලර් 24,300කට වෙන්දේසි වී ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.