Header Ads

ෆොටෝ එකට එල්ලුන කත පොලිසියේ නවතියි!


ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ්අවවි වලට එක්කර ක්ෂණික ජනප්‍රියත්වයක් ලබා ගැනීම අද කාලයේ විලාසිතාවක් බවට පත්වී අවසන් ය.

එවැන් ඡායාරූපක් හෝ වීඩියෝවක් වෙනුවන් දිවි පරදුවට තබන්නට මැළි නොවන්නෝ ද සිටියි. මෙම පුවත ද එවැනි ඡායාරූප පෙළක් පිළිබඳවයි.

මෙම ඡායාරූප වල සිටින්නේ රුසියානු මෝස්තර නිරූපණ ශිල්පිණියක් වන විකී ඕඩින්ට්කෝවා ය. කිසිඳු ආරක්ෂණ උපකරණයක් නොමැතිව ඩුබායි හි Cayan Tower ගොඩනැගිල්ල මත සිට පහලට එල්ලෙමින් ඇය මෙම ඡායාරූපය ගෙන තිබේ. ජීවිතයත් මරණයත් අතර එකම අත්වැල වන්නේ ඇගේ අත අල්ලා සිටින චිත්‍රපට නිෂ්පාදක ඇලෙක්සැන්ඩර් ටිකෝමිරොව් ය.

Cayan Tower යනු මහල් 70ක් පමණ ඇති අඩි 1,000කට වැඩි උසකින් යුත් ගොඩනැගිල්ලකි.

ඇය විසින් මෙම ඡායාරූප පෙළ ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ්අඩවියට එක්කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ය. එයට ලයික්ස් 90,000කට වැඩි ප්‍රමාණයක් හිමිව තිබේ.

මෙම ඡායාරූප ගත් අයුරු පෙන්වන වීඩියෝවක් ද මේ වන විට යූටියුබ් වෙබ් අඩවියට එක්කර තිබේ.

විකී ඕඩින්ට්කෝවා ගේ මෙම ඡායාරූප හා වීඩියෝව අන්තර්ජාලයේ අතිජනප්‍රිය වුවත්, එය මේ වන විට ඇස් රතු වන විහිළුවක් වී අවසන් ය.

බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත වාර්තා කරන අන්දමට ඇගේ මෙම ක්‍රියාව හේතුවෙන් ඇයට ඩුබායි පොලිසියට පවා යාමට සිදුව ඇති අතර, මින් මතුවට එවැන්නක් යළි නොකරන බවට දිවුරා ලියවිල්ලකට අත්සන් තැබීමට ද ඇයට සිදුවී ඇත.

විකී ගේ මෙම ක්‍රියාව ඇගේ ජීවිතය අනතුරේ හෙළු බවත්, ආරක්ෂක උපාංග රහිතව එවැනි භයානක ක්‍රියා වල නිරතනොවිය යුතු බවට ඩුබායි ජනතාව තේරුම්ගැනීම අතිශය වැදගත් බවත් ඩුබායි පොලිසියේ මේජර් ජනරාල් හලීල් ඊබ්‍රගිම් අල්-මන්සූරි ‘ද සන්’ පුවත්පතට වැඩිදුරටත් පවසා ඇත.
.

ෆොටෝ එකට එල්ලුන කත පොලිසියේ නවතියි!
ෆොටෝ එකට එල්ලුන කත පොලිසියේ නවතියි! - ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ්අවවි වලට එක්කර ක්ෂණික ජනප්‍රියත්වයක් ලබා ගැනීම අද කාලයේ විලාසිතාවක් බවට පත්වී අවසන් ය. එවැන් ඡායාරූපක් හෝ වීඩියෝවක් වෙනුවන් දිවි පරදුවට තබන්නට මැළි නොවන්නෝ ද සිටියි. මෙම පුවත ද එවැනි ඡායාරූප පෙළක් පිළිබඳවයි. මෙම ඡායාරූප වල සිටින්නේ රුසියානු මෝස්තර නිරූපණ ශිල්පිණියක් වන විකී ඕඩින්ට්කෝවා ය. කිසිඳු ආරක්ෂණ උපකරණයක් නොමැතිව ඩුබායි හි Cayan Tower ගොඩනැගිල්ල මත සිට පහලට එල්ලෙමින් ඇය මෙම ඡායාරූපය ගෙන තිබේ. ජීවිතයත් මරණයත් අතර එකම අත්වැල වන්නේ ඇගේ අත අල්ලා සිටින චිත්‍රපට නිෂ්පාදක ඇලෙක්සැන්ඩර් ටිකෝමිරොව් ය. Cayan Tower යනු මහල් 70ක් පමණ ඇති අඩි 1,000කට වැඩි උසකින් යුත් ගොඩනැගිල්ලකි. ඇය විසින් මෙම ඡායාරූප පෙළ ඉන්ස්ටර්ග්‍රෑම් වෙබ්අඩවියට එක්කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ දී ය. එයට ලයික්ස් 90,000කට වැඩි ප්‍රමාණයක් හිමිව තිබේ. මෙම ඡායාරූප ගත් අයුරු පෙන්වන වීඩියෝවක් ද මේ වන විට යූටියුබ් වෙබ් අඩවියට එක්කර තිබේ. විකී ඕඩින්ට්කෝවා ගේ මෙම ඡායාරූප හා වීඩියෝව අන්තර්ජාලයේ අතිජනප්‍රිය වුවත්, එය මේ වන විට ඇස් රතු වන විහිළුවක් වී අවසන් ය. බ්‍රිතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත වාර්තා කරන අන්දමට ඇගේ මෙම ක්‍රියාව හේතුවෙන් ඇයට ඩුබායි පොලිසියට පවා යාමට සිදුව ඇති අතර, මින් මතුවට එවැන්නක් යළි නොකරන බවට දිවුරා ලියවිල්ලකට අත්සන් තැබීමට ද ඇයට සිදුවී ඇත. විකී ගේ මෙම ක්‍රියාව ඇගේ ජීවිතය අනතුරේ හෙළු බවත්, ආරක්ෂක උපාංග රහිතව එවැනි භයානක ක්‍රියා වල නිරතනොවිය යුතු බවට ඩුබායි ජනතාව තේරුම්ගැනීම අතිශය වැදගත් බවත් ඩුබායි පොලිසියේ මේජර් ජනරාල් හලීල් ඊබ්‍රගිම් අල්-මන්සූරි ‘ද සන්’ පුවත්පතට වැඩිදුරටත් පවසා ඇත.
Posted by Lanka Touch on Thursday, February 23, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.