Header Ads

හනිමූන් යන්න ගිහින් මනාලිය මනාලයාට කරපු කැත වැඩේ.


අම්බලන්ගොඩ වතුගෙදර ප්‍රදේශයේ තරුණියක් සහ නුවර ප්‍රදේශයේ තරුණයෙකු විදෙස් රටක රැකියාවක් කරමින් සිටියදී ඇති වූ ආදර සම්බන්ධතාවයක් මත පසුගිය 18 වන දින විවාහ වී තිබෙනවා.

දෙදෙනාගේම පවුල්වල කැමැත්ත මතයි මෙම විවාහය අතිඋත්කර්ශවත් අන්දමින් පවත්වා තිබෙන්නේ.

විවාහයේ සියලු කටයුතු අවසන් කර ඔවුන් දෙදෙනා මධුසමය සඳහා ගිහින් තිබෙනවා.

එසේ යන අතරමඟ මනාලියට වතුර බීමේ අවශ්‍යතාවයක් ඇති වූ අතර තම බිරිඳගේ අවශ්‍යතාවය නිසා මනාලයා අසල තිබූ කඩයකින් වතුර ගේන්න ගිහින් තිබෙනවා. 

එම අවස්ථාවේ දී මනාලිය ඔවුන් පසුපස ආ වාහනයකට නැඟී පලාගොස් ඇත.

මනමාලයා මේ බව ගෙදරට දන්වා මනාලිය හෙව්වත් ඇයව සොයාගත නොහැකි නිසා අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් දමා තිබේ. 

අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.