Header Ads

ඇමැති වැලන්ටයින් එකට ගෙනා රෝස මල් අත්අඩංගුවට.


රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ උපදෙස් මත වැලන්ටයින් දිනය වෙනුවෙන් ඉන්දියාවෙන් මෙරටට නීතිවිරෝධී ආකාරයට ගෙනුවූ බව කියන අමු රෝස මල් කිලෝ 53ක් අඩංගු පෙට්ටි 4ක් කටුනායක ගුවන් තොටුපොළ ශාක නිරෝධායන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කෝට්ටේ බැද්දගාන පාරේ ලිපිනයක් සදහන් කරමින් ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයකුගේ නමට ඇණවුම් කර ඇති මෙම මල් තොගය UL124  දරන ගුවන්යානයෙන් මෙරටට ගෙනැවිත් ඇත්තේ මෙම පෙබරවාරි 8 වැනිදාය.

මෙම රෝස මල් මෙරටට ගෙන්වීමට NPQS/CFL/206/053 දරන බලපත්‍රයක් ලබාගෙන ඇතත් අදාළ බලපත්‍රයේ කොන්දේසිවලට යටත් නොවී නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙනැවිත් ඇති නිසා රේගුභාරයට ගෙන තිබේ.

මෙම මල් තොගය මුදාගැනීමට එහි පැමිනි ඇති ද්‍රවිඩ ජාතිකයා මෙය රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ උපදෙස් මත ගෙන්වූ මල් තොගයක් බව පවසා ගුවන්තොටුපොළ නිලධාරීන් ඉදිරියේදීම අදාළ ඇමැතිවරයාට දුරකථන ඇමැතුමක් ලබාදී ඇත.

කෙසේ වෙතත් මෙම සිකුරාදා වනතුරුත් මේ රෝස මල් තොගය කටුනායක ගුවන්තොටුපොළේ ශාක නිරෝධායන ඒකකය භාරයේ රදවා තිබුණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.