Header Ads

ආදරේ අහස සොයා අතින් අත ගිය රූමත් කෙල්ලට අවසානයේ සිදු වු දේ.


මම සමන්ගේ අනියම් බිරිඳ වගේ හිටියා...
ඒ ආදරේ ළඟ මගේ හිත අසරණ වුණා...

ජීවිතය ගැන මහ මෙරකට බලාපොරොත්තු තියාගෙන හිටපු මට අන්තිමට වුණේ පාරක් පාරක් ගානේ යන්න.

අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොම අතහැරලා ආදරයක පැටලිච්ච මට අන්තිමේදී හැමදේම නැතිවුණා.

ඇය හඬන්නට වූයේ අතීතය සිහිපත් කරමිනි.

තවමත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය දැන් 40 වැනි වියේ පමණ පසුවන්නීය.

මගේ අම්මයි තාත්තයි දෙයියෝ බුදුන් වගේ. ඒ ගොල්ලෝ මට ආදරය කළා.

නමුත් මං ඒ ආදරයට පිටුපෑවා කියලා මට හිතෙනවා.

මොකක්ද ඔයාට වුණේ..?
එකපාරම කියනවට වඩා මං මගේ ජීවිතේ ගැන මුල ඉඳලම කියන්නම්.

එතකොට ඔයාටම තේරුම් යාවි මට මොකද වුණේ කියලා.

මම ඉපදුනේ කොළඹ. අම්මා තාත්තා සල්ලි තිබුණු අය. ඒ නිසා මල්ලිටයි මටයි කවදාවත් ජීවිතේ අගහිගකම් දැනුනේ නැහැ.

අපි බොහොම සුඛෝපභෝගී ජීවිතයක් ගතකළා.

මගේ තාත්තා අවුරුද්දකට තුන්හතර වතාවක් පිටරට ගියා.

සමහර ගමන්වලට අම්මත් මල්ලිත් මමත් ගියා.

ඉස්කෝලේ කීයට ගියාද..?
ඉස්කෝලේ ගියා. සාමාන්‍ය පෙළ දක්වා විතරයි ඉගෙන ගත්තේ.

මම එච්චරටම ඉගෙනීමේ දක්ෂ කෙනෙක් නෙවෙයි.

නමුත් අම්මා මාව ඉගෙන ගන්න උනන්දු කළා. තාත්තා නම් කිව්වේ ළමයා අදිමදි කරනවා නම් නිකං ඉන්න කියලා.

එතකොට ඉගෙන ගත්තේ නැද්ද..?
මම සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණා.

ඒත් උසස් පෙළ කරන්න වුවමනාවක් තිබුණේ නැති නිසා ගෙරට වෙලා හිටියා.

ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. අම්මා හැම වෙලාවෙම කියන්න ගත්තා. ගෙදර ඉන්නකොට හැමදේම එපා වුණේ මං හිතපු නැති විදිහට.

ඒ වෙනකොට තාත්තගේ සල්ලි අපිව නරක් කරලා තිබුණේ.

තාත්තා ගෙදර එන්න රෑ වුණා. අම්මා තව තව දේවල් කරන්න ගත්තා.

මම දන්නේ නෑ මොන හේතුවක් නිසා අපේ ජීවිත සීසීකඩ වුණාද කියලා.

අම්මා මට වඩා මල්ලිට ආදරේ කළා.එයා ඒ නිසා වෙන්න ඇති මල්ලිව පිටරටකට යැව්වේ.

පුංචි කාලේ අපි හරි ලස්සන පවුලක්. තාත්තා පිටරට පදිංචි වෙන්න යනවා කියලා අම්මා දවසක් මට කිව්වා.

ඒ වෙනකොට මට කොල්ලෙක් හිටියා.

මං එයාට මගේ මුළු හදවතින්ම ආදරය කළා. ඒත් ගෙදර අය ඒකට කැමතිවුණේ නැහැ.

එතකොට මට වයස අවුරුදු 18 ක් විතර ඇති.

මේක දැනගත්ත තාත්තා මට කිව්වා ඒ ගොල්ලෝ එක්ක රට යමු කියලා.

ඒත් මට ඕන වුණේ මං යාළුවෙලා හිටපු කෙනා එක්ක යන්න.

මං හිතුවා එයා මට ඇත්තටම ආදරෙයි කියලා.

මං ඒ ආදරේට මුලා වුණා. මේක දැනගත්ත අම්මයි තාත්තයි කොහොම හරි මට මනාලයෙක් ලෑස්ති කළා.

එයා තාත්තගේ යාළුවෙක්ගේ පුතෙක්.

ඔයා එයාව බැන්දද..?
මොන පිස්සුද.?

මම එයාට කැමති නැහැ කියලා එයාගේ මූණටම කිව්වා.

අම්මා තාත්තා මගේ අකමැත්ත ගැන හිතන්නේ නැතිවම මංල්‍යයට ලෑස්ති වුණා.

අපේ තාත්තට හුඟක් දේපල තිබුණා. මං හිතුවා මං කොච්චර හිතුවක්කාර වුණත් අම්මයි තාත්තයි මට යමක් දේවි කියලා.

මම යාළුවෙලා හිටපු පිරිමි ළමයා හිතුවෙත් එහෙම..

මගේ මගුල් ගෙදරට සුමානයක් තියෙද්දි යාළුවෙලා හිටපු පිරිමි ළමයා එක්ක මම පැනලා ගියා.

අම්ම තාත්තලාගෙන් කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් අන්තිමේදි මගේ කොල්ලගේ කීමට අම්මලා මම වෙනුවෙන් හදලා තිබුණු හැමදේම අරගෙන ගියා.

මං මගුල් සාරිය පවා අරගෙන ගියා.

මං මගුල් සාරිය පවා අරන් ගියා.

එතකොට ගෙදර අය කොහෙද හිටියේ..?
එදා අම්මයි තාත්තයි එයාලගේ යාළුවෙකුගේ පාටියකට ගිහින් හිටියේ.

මං යාළුවෙලා හිටිය කොල්ලා ඒ කියන්නේ අනුර එදා රෑ අපේ ගෙදරට ආවා.

එයා එයාට කැමති බඩුත් වාහනේ පටවගත්තා.

මම හිටියේ අනුරගේ ආදරෙන් මත්වෙලා.

ඉතිං මං හිතුවේ නැහැ. එයා මට වෙනසක් කරාවි කියලා. ඒත් වුණේ හිතපු නැති දෙයක්.

ඒ මොකක්ද..?
මං ගෙදරින් ගියාට පස්සේ අම්මයි තාත්තයි පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබුණා.

ගෙදර බඩු හොරකම් කළා කියලා.

අපිව පොලිසියෙන් හෙව්වා. අන්තිමට අපි පැමිණිල්ල ගොඩින් බේරගත්තා. ගෙදරින් ගෙනාව හැමදේම ආයෙත් ඒ ගොල්ලන්ට දුන්නා.

අන්තිමේදි අනුරට ගෙදර ගෙනියන්න වුණේ නිකම්ම නිකං ගෑණියෙක්.

අඩුම තරමේ මගේ කනේ කරේ තිබුණ රත්තරන් බඩුවත් මට ලැබුණේ නැහැ.

පොලිසියේදි මාව දාලා යද්දි අම්මා කිව්වේ උඹ මැරුණා කියලා. මම හිත හදාගත්තා කියලා.

ඊට පස්මේ මොකද වුණේ..?
අනුරගෙ ගෙදර මට එච්චර සුබවාදී තැනක් වුණේ නැහැ.

ඒ වගේම අනුර මං හිතපු තරම් හොඳ කෙනෙකුත් නෙවෙයි.

එයා මාව ගෙදරින් පන්නගෙන ඇවිල්ලා තිබුණේ අපේ තාත්තගේ සල්ලි ගැන හිතලා.

ඒත් තාත්තා අපිට කිසිදෙයක් දුන්නේ නැති නිසා එයා මගෙත් එක්ක එච්චර හිත හොඳින් නෙවෙයි හිටියේ.

සති මාස ගණන් ගෙවිලා ගියා. අන්තිමට වුණේ මං අතරමං වුණු එක.

ඒගෙදර ඉන්නම බැරි තැන මං පැනලා ගියා. යන්න තැනක් තිබුණේ නැහැ.

ඒත් මං අනුරගේ යාළුවෙක්ව දැනගෙන හිටියා.

එයා වාහන ව්‍යාපාරයක් කරගෙන ගිය කෙනෙක්.

එයා කසාද බැඳලා කියලත් මං දැනගෙන හිටියා.

නමුත් අනුරගෙ නපුරුකම් පහරදීම් ඉවසන්න බැරි නිසා මං එයාගේ යාළුවා සමන්ව හොයාගෙන ගියා.

අනුර මාව කසාද බැදලා හිටියෙත් නැහැනේ.

මං ඒ ගමන ගියා මිසක් එතැනින් පස්සේ මට වෙන්නේ මොකක්ද කියලා හිතුවේ නැහැ.

සමන් ඔයාව බාරගත්තද..?
සමන් මගේ පැමිණීම බලාපොරොත්තු නොවෙන්න ඇති.

ඒත් එයා මං ගැන උනන්දු බව මම දැනගෙන හිටියා.

ඒ වෙනකොට මට ඕනවෙලා තිබුණත් හොදට කාලා බීලා ඇදලා ඉන්න.

සමන් ඒ හැමදේම කරන්න පොරොන්දු වුණා.

මම සමන්ගේ අනියම් බිරිද වගේ එයාටම අයිති වෙනත් ගෙදරක ජීවත් වුණා. සමන් මට ඒ තරම් කැමතිවෙන්න මගේ රූපය බලපාන්න ඇති. සමන් එක්ක මම ජීවත් වුණත් මම හිටියේ හැංගිලා. ඒ අනුරට අහුවෙයි කියලා බයේ.

අනුරට මොකද වුණේ..?
කාලෙකට පස්සේ එයා දැනගෙන තිබුණා මං ඉන්නේ සමන් එක්ක කියලා.

ඒත් එයා මාව හොයාගෙන ආවේ නැහැ.

මං අනාථයෙක් වගේ සමන් ළඟට ආවේ.

ඒත් සමන් මට හොඳට සැලකුවා. ඒ නිසා මට සැප ජීවිතයක් ලැබුණා. සමන් එයාට එන්න බැරි දවසට මගේ තනියට තව කාවහරි එව්වා. ඒ ආව හැම කෙනාම සමන්ගේ බිස්නස්වල හවුල්කාරයෝ. මගේ ජීවිතේ වෙනස් වුණේ අන්න එතැනදි.

එතකොට හිරේ ආාවේ..?
මම හිරේ ආවේ සමන්, අනුර දෙන්නම හින්දා නෙවෙයි.

සමන්ගේ යාළුවෙක් නිතර නිතර මාව මුණගැහෙන්න ආවා.

එයාගේ නම වසන්ත. එයා ඇත්තටම මගේ හිතේ ආදරයක් ඇති කළා.

ඒ ආදරේ ළඟ මගේ හිත අසරණ වුණා.

එයා නිතර නිතර මාව බලන්න ආවා. කොහොම හරි වසන්තගේ ගෙදරට මේ ගැන ආරංචි වෙලා දවසක් එයාගේ නෝනා මාව හොයාගෙන ආවා.
එයාගේ දරුවෝ ගැන හිතලා ආශ්‍රය නතර කරන්න කිව්වා.

ඒත් මට ඒ සම්බන්ධය නතර කරගන්න බැරිවුණා.

ඒකෙන් වුණේ මං වසන්තට තව තවත් ළං වුණු එක.

මගේ හිතේ මහා ලෝභකමක් ඇතිවුණා. මං හිතාගත්තා කොහොම හරි වසන්තව අයිති කරගත්තා.

ඒ නිසා මං වසන්තගේ ගෑණිට ඇසිඩ් ගැහුවා.

ඇය ඉකිබිඳ හඩන්නට වූවාය.

දැන් මට තේරෙනවා පවුලක් කඩන එක කොච්චර ලොකු වරදක් කියලා.

ඒ නිසා මං සෑහෙන කාලයක් හිරේ හිටියා. වෙලාවකට හිතෙනවා මං වගේ කුණුවෙච්ච ගෑණියෙක් මේ සමාජයට වැඩක් නැහැ කියලා.

ඒත් මං කරපු වැරැද්දට දඩුවක් ලැබුණා.

ඒත් මම සිය දහස් වාරයක් ජීවිතේ මැරි මැරි උපදිනවා.

මට මගේ අම්මා තාත්තා මතක් වෙනවා. මේ අපි සංසාරේ කරපු කර්ම කියලා කියනවා නම් වැරදියි.

මේවා තමයි අපි මිහිපිට කරපු පව්වල විපාක.

දැන් කෝ වසන්ත..?
එයා මාව බලන්න එක පාරක් ආවා.

මම කරපු වැඩේ බරපතලකම වටහලා දුන්නා. මම වසන්තගෙන් සමාව ඉල්ලලා වැන්දා.

ඒත් එයා මට සමාව දුන්නේ නැහැ. මට තියෙන ආදරේ වැඩිකමටයි මම එහෙම කළේ කිව්වා. ඇඩුවා. ඒත් එයාගේ හිත ගලක් වගේ. එයා මට සමාව දුන්නේ නැහැ කරපු වැරැද්දට දඩුවම් ලැබිය යුතුයි කියලා එයා කිව්වා.

ඇයි වසන්ත ඔයාව ගන්න කැමතිිවුණේ නැද්ද.?
නැහැ. ඒත් එයා මට මෙහෙම දෙයක් කිව්වා. ඔයා කවදා හරි එළියට ආව දවසට ඒ ගැන මම බලන්නම් කියලා.

දැන් මොකද හිතෙන්නේ..?
මුකුත් හිතෙන්නේ නැහැ..

මම වැරදිකාරියෙක්. ඒක ඇත්ත.

ඒ නිසා මම කාගෙන්වත් හව්හරණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ළඟදි නිදහස් වෙනවා. එදාට මම මට අවශ්‍ය දේ කරනවා.

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.