Header Ads

තම සුන්දරත්වයෙන් ලොව වසඟ කළ කාන්තාවෝ




ලස්සන කියන්නේ හරිම සාපෙක්ෂ දෙයක් . ඒත් , ලෝකේ ලස්සනම කාන්තාවන් අතරට එක් වුණු කාන්තාවන් ගැන තමයි මේ සටහන . බලන්නකෝ ලෝ ප්‍රකට මේ ලස්සන කාන්තාවන්ගේ ලස්සන . 

අයේෂා
ලෝක සාහිත්‍යයේ රූමත්ම කාන්තාව විදියට වාර්තා කරන්නේ රයිඩර් හැගාර්ඩ් විසින් රචනා කරන ලද “She The Ayesha” නැති නම් “ඈ හෙවත් අයේෂා” නමැති පොත් පෙලේ සඳහන් වන “කෝර් හි ලෙන් ගුහා වල වසර 2000කට වඩා වැඩි කාලයක් ජීවත් වෙමින් සදාකාලික ගින්නෙන් ස්නානය කරමින් තමන්ගේ රූමත් බව රැකගන්නා රැජිනකි”

ඇයගේ රූමත් බව නිසාවෙන් ම උමතු බවට පවා පත්විය හැකි බවට විස්තර කරන රචකයා, කිසිවක් සදාකල් රැකෙන්නේ නැති බවත්, සැමදෙයක් ම අනිත්‍ය බවත් කතාවේ යටි පෙලේ සඳහන් කරනවා.

මේ කතාවේම ලාංකික හුරුවට ලියන ලද නිර්මාණයක් තමයි, ඩබ්.ඒ. ද සිල්වා ගේ  “ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණ” පොත.







ක්ලියෝපැට්‍රා

ක්ලියෝපැට්‍රා කියන්නේ මෙතෙක් ලෝක ඉතිහාසයේ සිටි රූමත් ම රැජින කියන අතර. ඇය කෙතරම් රූප ස්වාභාවය ගැන සැලකිල්ලක් යොමු කලාද  කියනවා නම්, කිරිවලින් ස්නානය කරන ලද බව සඳහන්.

ලෝක ඉතිහාසයේ දශක තුනකට ආසන්න කාලයක් රජකම් කල ඈ, රජවරුන් සිව් දෙනෙකුට උපත ලබාදුන් නිසා “Queen of the kings” යන අනවර්ථ නමින් ද හඳුන්වා දුන් බව සඳහන්.

ජූලියස් සීසර් සහ මාක් ඇන්ටනී යන පාලකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ ක්ලියෝපැට්‍රා ඔවුන්ට පෙර විවහා වුයේ තමන්ගේ සොහොයුරා වන ටොලමි සමඟයි.




ජැකී කෙනඩි(ඔනාසීස්)

ඇමෙරිකාවේ හිටපු ජනපතිකෙනෙකු වූ ජෝන් එෆ් කෙනඩිගේ බිරිඳ වූ ජැකී, ලොව සිටි රූමත් ම කාන්තාවන් ගෙන් කෙනෙකු බව සඳහන්. ජනපති ආර්යාවක් වීමට ප්‍රථමයෙන් ඇය වොෂින්ටන් ටයිම්ස්-හැරල්ඩ් පුවත් පතේ ඡායාරූප ශිල්පිනියක් බව සඳහන්.

කෙනඩි ඝාතනයෙන් පසුව සම්බන්ධතා කිහිපයක් ම පවත්වපු ජැකී අවසානයේ විවහ වුයේ ග්‍රීක ජාතික තෙල් ධනවතෙකු වූ ඇරිස්ටෝටල් ඔනාසීස් සමඟින්.





මැරලින් මුන්රෝ
අඩු වයසකදී මියගියත් තරුණ සිත් වසඟ කරන්නට සමත් මැරලින් මුන්රෝ වෘත්තියෙන් නිරුපිකාවක් සහ නිළියක වෙනවා. 1926දි ඉපිද 1962දි මියයන මැරලින් ගායිකාවක් ද වෙනවා. ඇමෙරිකානු සිනමාවේ ගිනි සිළුව ලෙස සඳහන් කරන මැරලින් වසර 36දී මියයන විට ඇය විසින් උපයන මුදල ඩොලර් මිලියන 27ක් පමණ වෙන බව සඳහන්.




නෙෆර්ටිටි
පාරාවෝ වරයෙකු වූ ආයි ගේ දියණියක බවට සැලකෙන නෙෆර්ටිටී රැජිනගේ සම්පුර්ණ නාමය වෙන්නේ නෙෆර්නෙෆ්රුආටෙන් නෙෆාර්ටිටි ය. ආටෙන් යන්නෙන් හිරු මඩල අරුත්ගැන්වෙන නිසා හිරුට වන්දනා කල පළමු රැජින ඇය බවටත් මතයක් තිබෙනවා.  තවද ඇයව භූමි දෙකක උත්තමාවිය ලෙසත් හඳුන්වලා තිබෙනවා. බර්ලින් වල තිබෙන නියුස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙන නෙෆර්ටිටි ගේ උඩුකය ප්‍රතිමාව සතු ලාලිත්‍ය සහ පෙනුම නිසා ඇය හිටපු රූමත් ම රැජිණන් ගෙන් කෙනෙකු ලෙස අදටත් සැලකෙනවා.


ඔඩ්රි හෙප්බර්න්
Roman holiday, My fair lady වැනි චිත්‍රපට වල රඟපෑ ඔඩ්රි ලොව රූමත්ම කතුන් අතරට එකතු වෙන්නේ ඇය සතුව පවතින සුවිශේෂි පෙනුම නිසාමයි. අඳුරු ඇස් සහිත පෝසලෙන් වර්ණිත සම සහ හුරුබුහුටි පෙනුම නිසා එකල ඇයව සමාන කලේ ජැකී කෙනඩිට සමාන පෙනුමින් යුතු කෙනෙකු හැටියටයි. තරුණ වියේදී ප්‍රසිද්ධ වූ ඕඩ්රි 1993 දී දිවියෙන් සමුගෙන තිබෙනවා.


මාතාහාරි
මාතාහාරි ,1876 දී ඉපදුනු වෘත්තියෙන් සමාජ ශාලා නළඟනක් වුනත් ඇත්තටම මාතාහාරි කියන්නේ ජර්මන් ජාතික රහස් ඔත්තුකාරියක් කියලා තමයි සැලකෙන්නේ. පෙනුමින් හින්දු කාන්තාවකගේ පෙනුමට මඳක් සමාන වූ නිසා සිය සමාජ ශාලා වල ජීවිතය තුල මාතාහාරි හට හිමි වුනේ සුවිශේෂී ඉල්ලුමක්.

කෙසේ වුවත් තම රහස් ඔත්තුකාර සම්බන්ධ ජීවිතය ගැන විභාග වුනු නඩුවකින් පරාජය වීම නිසා ඇයව 1917දි වෙඩි තබා මරා දමන්නට නියම කෙරුනා.

සොෆියා ලොරේන්
ඉතාලියේ පොසුලුහි ඉපදුනු සොෆියා ලොරේන් මුල් වරට සිනමාවේ ඔස්කාර් සම්මානයකින් සිය සලකුණු තැබුවේ 1960 දී Two Women චිත්‍රපටය තුළිනුයි. සිරුරේ සුන්දර හැඩය සහ කලාතුරකින් කාන්තාවකට පිහිටන රූමත් බවකින් යුතු සොෆියා ලොරේන් ඉතාලි සම්භවයකින් යුතු තැනැත්තියක්. ඈ සිය රූමත් බව නිසාම චිත්‍රපට ගණනාවකටම පෙනී සිටිමින් සම්මාන ගණනාවකුත් දිනාගන්නට තරම් වාසනාවන්ත වෙනවා.

මේ ලැයිස්තුවේ රූමතියන් අතර අදටත් ජීවත්ව හිඳින තැනැත්තිය වන්නේද ඇයයි. වර්තමානයේ ඈ ඉතාලියේ නේපල්ස් සහ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ජිවත් වෙනවා.





ඩයනා ස්පෙන්සර්
එංගලන්ත රජපවුලේ වඩාත්ම සමාජ අවධානය යොමුවූ තැනැත්තිය ලෙස හඳුන්වා දෙන්නට හැකි ඩයනා කුමරිය චාර්ල්ස් කුමාරයාගේ හිටපු බිරිඳයි, සමාජ සේවා කාර්යයන් වලදී අමතක නොකළ හැකි චරිතයක් වන ඩයනා  වංශවත් පවුලකින් පැවත එන කාන්තාවක් ද වෙනවා. කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා වන විලියම් කුමරුගේ සහ හැරී කුමරුගේ  මව වන ඩයනා ස්පෙන්සර්, ලන්ඩන් හි උමං මාර්ගයක සිදු වූ අනතුරකින් මරුමුවට පත්වන්නේ ඇයගේ පෙම්වතා වන හැරඩ්ස් වෙළඳ ජාලයේ හිමිකරු ගේ පුත්‍රයා වන ඩොඩී ෆායිඩ් ද මෝටර් රථයේ සිටියදී.



ට්‍රෝයි හි හෙලන්

ස්පාර්ටා හි හෙලන් සහ ට්‍රෝයි හි හෙලන් වැනි නම් වලින් හැඳින්වූ ඇයගේ පියා සහ මව වන්නේ සියුස් දෙවියන් සහ ලීඩායි. හෙලන් ගේ නිවුන් සහෝදරිය වන්නේ ක්ලයිටේමිනේස්ට්‍රා යි. පෘථිවි තලයේ සිටි රුමත්ම ගැහැණිය ලෙසින් එකල හඳුන්වපු හෙලන් ට්‍රෝජන් යුද්ධයටත් වක්‍රාකාරව සම්බන්ධ වෙනවා.

ග්‍රීක පුරාවෘත්තයට අනුව අකියන්වරුන් විසින් ට්‍රෝයි නගරයට එරෙහිව “ට්‍රෝජන් යුද්ධය” මෙහෙයවන්නේ පැරිස් විසින් අයගේ ස්වාමි පුරුෂයා වූ “මෙනෙලවුස්” වෙතින් හෙලන් කුමරියව පැහැර ගැනීමේ ප්‍රතිපලයක් විදියටයි.



මොකද හිතෙන්නේ මේ රූමත් කාන්තාවෝ ගැන .ඔබේ අදහස අපිටත් කියන්න . මේ සටහන හොදයි කියලා හිතෙනවනම් යාලුවොත් එක්කත් බෙදා ගන්නත් අමතක කරන්න එපා .

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.