Header Ads

ජාතික නිදහස් පෙරමුණ, සන්ධානයෙන් ඉවත් වෙයි


ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට අදාළ ලිපිය සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දී තිබේ.

මේ පිළිබඳව අප සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් විමසීමක් කළේ ය.

ඔහු පැවසුවේ, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් විය යුතු බවට කරුණු දක්වා ලිපියක් තමා වෙත යොමු කර තිබූ බව ය.

එම ලිපිය පාර්ලිමේන්තුවේදී තමා වෙත ලැබුණු බව ඔහු තහවුරු කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.