Header Ads

මං කවදාවත් ඒක කරලා නැහැ


තාරු බෝගොඩ කියන්නේ පහුගිය දවස් වල අන්තර්ජාලය හොල්ලපු චරිතයක්. මෙයා මේ පුංචි තිරයේ ඉඳහිට දකින්න ලැබුණු ගමෙන් ආපු නිළියක්.

ඒ දවස් වල සමහරු මේ චරිතය කළු චරිතයක් කළා. සමහරු මේක සුදු කරන්නත් උත්සහා කළා. හැමෝම මේ නම මන්තරයක් වගේ මතුරද්දී මේ කියන යොවුන් නිළියත් සමාජයෙන් ටිකක් වහන් වෙලා හිටියා. විදෙස් ගතව හිටපු එක්තරා ධනවත් ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ ගාණක මුදලක් මේ කියන නිළිය වංචා කළා කියලා ඔහු ප්‍රසිද්ධියේ චෝදනා කළා.

පහුගිය කාලයේ ගංවතුරෙන් අනාථ වුනු ළමයින්ගේ සුභසාධන කටයුතු වලට කියලා අර කියන ව්‍යාපාරිකයාගෙන් මුදල් වංචා කළා කියන චෝදනාව තමයි තාරුට තිබ්බේ.

මේක නීතිය දක්වා යන බරපතල චෝදනාවක් වුණා. කොහොම වුණත් ටික කාලයක් කටපියාගෙන හිටපු තාරු ඔන්න දැන් ඒ ගැන කතා කරන්න පටන් අරන්.

මට පැත්තක යන මිනිසුන්ගේ සල්ලි මොකටද? 

ඔය කියන පුද්ගලයා මගෙත් එක්ක තිබ්බ පුද්ගලික තරහකට තමයි ඔය බොරුව ගෙතුවේ. එයාට ඕනේ වුනේ මාව විනාශ කරලා දාන්න.  තාරු ඒ ගැන කියන්නේ එහෙමයි.

මොකද්ද ඔය තරමට ඒ පුද්ගලයා ඔයත් එක්ක තියන තරහා?

එයා මට පිස්සු වැටිලා හිටියේ. එයට ඕනේ වුණේ මාව බඳින්න. එයා පිස්සුවෙන් වගේ මගේ පස්සෙන් ආවා. බැඳපු මිනිහෙක් එක්ක යන්න මට පිස්සුය. මං බැහැ කිව්වම එයා මාව හොරෙක් විදියට හංවඩු ගැහුවා. සත්තයි මම කවදාවත් ඔය කියන වංචාව කරලා නැහැ. කලානම් එයා ඒක කවදාහරි ඔප්පු කරන්නත් එපැයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.