Header Ads

මතට ලොල්වුණු විවාහක කතක් පොඩි කොල්ලෙකුගේ පෙම් පහස සොයා රූම් ගිහින් වෙච්ච වැඩේ.


අවුරුදු 22 ක තරුණියක් හා 15 හැවිරිදි පාසල් වයසේ පසුවන බාල වයස්කාර ළමයෙකු අතර කාලයක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන එම දරුවා සමග ලිංගික ඇසුරක් සඳහා කඩුවෙල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් සිටියදි නවගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණිය හා එම දරුවා සමග පැවති ප්‍රේම සම්බන්ධය දැනගත් දෙමව්පියන් මීට තදින්ම විරුද්ධ වී ඇති අතර ඔවුන්ට තදින් අවවාද කර ඇති බවද පොලිසිය පවසනවා.

මෙම දෙදෙනාම එකම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෙම කාන්තාව දරුවාට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් ලබා දී ත්‍රිරෝද රථයකින් ලැගුම්හලට ගොස් තිබුණා.

තම ළමයාට හදිසියේ ලැබුණු දුරකතන ඇමතුම සමග ඔහු හදිසියේ නිවෙසින් පිටව යාම සම්බන්ධයෙන් සැකසිතූ මව්පියන් ඔහු පසුපස හඹාගොස් ඇති අතර කාන්තාව විසින් තම දරුවා ත්‍රිරෝද රථයක නංවාගෙන ලැගුම්හලකට රැගෙන යනු ඔවුන් දැක තිබෙනවා.

මේ සම්බන්ධව දරුවාගේ මව්පියන් නවගමුව පොලිසියට දැනුම්දීමෙන් පසුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී ලැගුම්හලට ගොස් කාන්තාව හා ළමයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය කළ වැඩිදුර පරීක්ෂණවලදි අනාවරණ වුයේ මෙම කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍යවලට සම්බන්ධව වරදකරුවෙකු වී දැනට රිමාන්ඩ් කර සිටින අතර ඇයද මත්පැන් ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහි වී ඇති බවයි.

මේ වන විට සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.