Header Ads

හිස්‌හොරිවලින් මිදෙන්න ඔබත් කැමතිද ?

123

පිරිසිදුකම ලස්‌සන වෙන්න පැහැපත් වන්න විතරක්‌ නෙමෙයි නීරෝගී වන්නත් අත්‍යවශ්‍ය යි. 

අපේ මුහුණ ලස්‌සනට පිරිසිදුවට තබා ගන්නවා වගේම හිසත් පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් දෙයක්‌. එතකොට තමා හිස්‌හොරි නැතිවී හිතට වදයත් නැති වන්නේ. කෙතරම් ප්‍රතිකාර කළත් හිස්‌හොරි නැතිකර ගැනීම විශාල කරදරයක්‌ වෙලා තියෙන්නේ ඇයිදැයි බලමු.  

සියල්ලටම මූලික හේතුව ලෙස බලපාන්නේ පිරිසිදුකම නොමැතිවීම. අප හිස්‌හොරි සඳහා වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබා ගත්තා යයි සිතමු. එසේත් නැතිනම් දේශිය ක්‍රම අනුව ප්‍රතිකාර කරනවා යයි සිතමු. එහෙත් ප්‍රතිකාර ගැල්වුවාටම මදි.

පළමුව ඔබ හිස පීරන පනාව, බ්‍රෂ් එක දිනපතා පිරිසිදු කළ යුතුයි. ඊළඟට හිසට තබන කොට්‌ට උර සතියකට දෙවරක්‌ වත් අඩුම වශයෙන් සෝදා පාවිච්චි කරන්න. ඊළඟට අප උදෑසන සූදානම් වී නිවසින් බැහැර යන විට කුණු දූවිලි වලින් පිරී ඇති අපවිත්‍ර දේ තෙල් සහිතව ඇති හිසකෙස්‌ නම් පහසුවෙන්ම එහි රැදෙනවා. 

ඒ නිසා, හිස්‌හොරි නැතිනම් දිනපතා හිස සෝදා පිරිසිදු කර ගත යුතු වන්නේ හිසහෙි ඇති තෙල් ස්‌වභාවය මගහැර ගැනීමටයි. නැතිනම් එවා තැන්පත් වී තට්‌ටු වශයෙන් බැදීමෙන් හිස්‌හොරි තවත් වැඩි වනවා. 

ඒ සඳහා දිනපතාම මුහුණ පිරිසිදු කරගන්නවා මෙන් ම හිසටද සුදුසු ශැම්පො වර්ගයක්‌ පාවිච්චි කර පිරිසිදු කරගත යුතු වෙනවා. 

තවත් දෙයක්‌ කියන්නම්. ඒ තමා හෙල්මට්‌ භාවිතය. ඔබ වෙනත් අයෙකුගේ හෙල්මට්‌ එකක්‌ පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා ඇතුළතට සුදුසු ආවරණයක්‌ දමා එය පළඳින්න. මේ මගින්ද බොහෝ විට හිස්‌හොරි ඇතිවන බව අමතක කරන්න එපා.

තව දෙයක්‌ නම් හිස්‌හොරි ඇතිවීමට අප භාවිත කරන හේතු වෙනවා. ජෙල් වර්ග, මූස්‌, ස්‌ප්‍රේ ආදිය හේතු වෙනවා. බොහෝ තරුණ පිරිමි ළමුන් අතරේ මෙය බහුලව දැකිය හැකි වනවා. මොකද ඔවුන් දිනපතා ම වගේ ජෙල් ගා හිසකෙස්‌ ලස්‌සනට තබා ගන්නවා. එහෙත් දිනපතා ම ස්‌නානය කර හිසකෙස්‌ පිරිසිදු නොකිරීම නිසා හිස්‌හොරි ඇතිවනවා. 

ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා. කොණ්‌ඩය ලස්‌සනට තබා ගන්නට ජෙල්, මූස්‌, ස්‌ප්‍රේ වැනි දේ භාවිත කළාට කමක්‌ නැහැ. දිනපතා ම ස්‌නානය කර සුදුසු Shampoo වර්ගයක්‌ භාවිත කර හිසකෙස්‌ පිරිසිදු කර ගත යුතු වෙනවා. 

හිස්‌හොරි නිසා ඔබේ හිස කැසීමේදී හිසකෙස්‌ ගැලවී යා හැකිවා පමණක්‌ නොව සුලඟ මගින් අන් අයට බෝවීමද ඇතිවිය හැකියි. තමන් පාවිච්චි කරන තුවා, බ්‍රෂ් වැනි දේ අන් අයට නොදීමද ඒවා පිරිසිදු කර නවා ගැනීමද වැදගත් වෙනවා.

තවද නලල මත කුඩා බිබිලි හට ගැනීමද මුහුණේ කුරුලෑ ඇත්නම් ඒවාට ප්‍රතිකාර කළද හිස්‌හොරි නිසා කුරුලෑ වැඩි වීමටද හේතු වනවා. හිස්‌හොරි ඇති හෝ නැති අය වුවද හිස පිරිසිදු කිරීමේදී ඉදිරියට නැවී හිස පහළට කර හිස්‌හොරි මුහුණට නොවැටෙන සේ පිරිසිදු කිරීමෙන් හිස්‌හොරි අවම කර ගැනීම මෙන්ම කුරුලෑ අවම කර ගැනීමට ද හැකිවනවා. 

හිස්‌හොරි අවම කර ගැනීම සඳහා දිනපතා ස්‌නානය කරන්න. පනා, බ්‍රෂ්, තුවා, කොට්‌ට උර නිතරම සෝදා පිරිසිදුව තබා පාවිච්චි කරන්න. 

හිස්‌හොරි බොහෝ වශයෙන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු අතර, වෙරළුකොළ අඹරා හිසෙහි ගා විනාඩි 20 කට පසුව ස්‌නානය කිරීමටද , සෝදා හැරීමද නෙල්ලි තම්බා එම වතුරින් සෝදා ගැනීමෙන් ද දෙහි, උලුහාල් තම්බා ඒවා හිසෙහි ගල්වා සෝදා ගැනීමෙන්ද හිස්‌හොරි අවම කරගත හැකි වෙනවා. 

ඉහත ප්‍රතිකාර කිරීමේදී සෙම් රෝග, පීනස ඇති අයෙක්‌ නම් සැලකිලිමත් විය යුතු බවයි. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.