Header Ads

උතුරේ සිදුවන්නේ කුමක්‌ද. ගුවන් පථය ඇති ඉඩම් ඕනලූ.


උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන බවට වහසි බස්‌ දොඩා ඇත. මේ අතර මුලතිව්හි රජය සතු ඉඩම්ද තමන්ට අයිති බව පෙන්නුම් කිරීමට ද්‍රවිඩ සංධාන මන්ත්‍රීන් ශාන්ති

ශ්‍රී ස්‌කන්ධ රාජා ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත එවා ඇත. මෙම පිරිස කොටි ගුවන් හමුදා ධාවන පථය පිහිටි කිව්පුවාලු ලැබූ ප්‍රදේශයද තමන්ට අයිති බව කියා සිටී.

මේ අයහපත් තත්ත්වය නතර වී නැත. 29000 කට අධික සෙබළුන් පිරිසක්‌ දිවිපුදා කොටින්ගෙන් බේරාගත් උතුරුකරය මුළුමන්නිම අවතැන් වූ ජනතාවගේ යෑයි සිතමින් ද්‍රවිඩ සංධානය ක්‍රියාකරයි. මේ තත්ත්වය මත ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් නිදහස්‌ දිනයට විරෝධය පල කරමින් උතුරු පලාත් සභා මන්ත්‍රීනි ආනන්දී සසිදරන් සමඟ යාපනයේදී විරෝධතාවයක්‌ පවත්වා ඇත.

එහෙත් ප්‍රභාකරන් සිටියදී කීකරු සුනඛයන් මෙන් කටයුතු කළ ද්‍රවිඩ සංධානය දැන් බන්දේසියක තබා උතුරේ සියලුම ඉඩම්වල හිමිකම අපේක්‍ෂා කරයි. ඒ අතරේ නාවත්කුලී සිංහල ජනපදය ඉදිකිරීමටද එරෙහි වී ඇත.

උතුරු පලාත් සභාව සැසිවාර 80 කට වඩා රැස්‌වී යෝජනා 300 කට අධික සංඛ්‍යාවක්‌ සම්මත කර ඇත.

මින් වැඩිහරියක්‌ ශ්‍රී ලංකාවට එරෙහි වූ යෝජනා වේ මුලතිව් ගුවන් හමුදා කඳවුර අසල පිහිටි කොටි ගුවන්පතයේ හිමිකම් කීමට කීමට උතුරේ පාර්ශව ඉදිරිපත් වන්නේ නම් අද උතුරේ පවතින තත්ත්වය ගැන කිව යුතු නැත.

ප්‍රභාකරන්ට එරෙහි නඩුව ඇසීම පුද්ගලික හේතුව මත ප්‍රතික්‍ෂේප කළ විග්නේශ්වරන් කුරුඳුවත්තේ සිට යාපනයට නොව ද්‍රවිඩ ජනතා සංසදය පිහිටුවා දෙමළුනි නැගිටිව් නැමැති උද්ඝෝෂණය මෙහෙයවනු ලැබීය.

ඔහු උතුරේ සිටින හමුදාව කාණු කැපීමට යෙදවිය යුතු බව කීවේය. ශ්‍රී ලංකා හමුදාව ජාති සංහාරයක යෙදී ඇති බව පැවසීය. විග්නේශ්වරන් එතනින් නැවතුනේ නැත. ඔහු උතුරට එන සියලුම විදේශ තානාපතිවරුන් වෙත පැවසූවේ ශ්‍රී ලංකා රජය උතුරට වෙනස්‌කම් සිදු කරන බවයි.

එහෙත් ඔහුට මෙවැනි දේ ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුණේ ශ්‍රී ලංකා හමුදාව දිවි පිදීම නිසාය. රිව්රැස මෙහෙයුමින් උතුරු හමුදාපාලනයට කැඳ වූ අවස්‌ථාවේ සෙබළු 400 කට අධික පිරිසක්‌ දිවි පිදුහ. මේ අතීතය අද බොහෝ පාර්ශවවලට අමතක වී ඇත.

එසේම ද්‍රවිඩ සංධානය කොටි රැකවලුන් ලෙස ක්‍රියා කළේය. කොටින්ගේ යුද අපරාධවලට ද්‍රවිඩ සංධානයද වගකිව යුතු වේ. එහෙත් එම ද්‍රවිඩ සංධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. එය යුද අපරාධකරුවන් යුද අපරාධ ගැන හඬ නැගීමට සමානය.

මේ අතර ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ සිවාජිලිංගම් හා උතුරු පලාත් සභා මන්ත්‍රීනී ආනන්දී සසිකරන් 34 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යැමට සැලසුම් කර තිබේ.

ඔවුන් ජිනීවා යන්නේ ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ලබා ගැනීමටය. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් බලය නොමැති වීමෙන් උතුරේ දේශපාලනයන් මෙලෙස කටයුතු කරන්නේ බලය විමධ්‍යගත වූ විට ඔවුන් කටයුතු කරන අයුරු සනාථ වීමයි.

මෙම පසුබිම මැද ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතන සැලසුමක්‌ ගැන වගකිවයුතු නෝර්වේහි කොටි නායක නෙදියවන් ගැන නෝර්වේ රජය නිහඬ වී ඇත. ඔහුට ඉන්ටපෝල් වරෙන්තුවක්‌ ඇතත් නෝර්වේ බලධාරීන් එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට එකඟ වී නැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.