Header Ads

ඇමති රාජිත ලේලිය වෙනුවෙන් දිගටම සටනේ..




ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර සයිටම් ආයතනය පළමු වෛද්‍ය විද්‍යාලය නොවන බවද ප්‍රකාශ කරයි.

සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද මෙසේ පවසන නමුත් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන අවස්ථාවේ පෞද්ගලික වෛද්‍යවලට එරෙහි කණ්ඩායම නියෝජනය කරමින් 1988 ජනවාරි 18 පැවති සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කර ඇත්තේද වෛද්‍ය රාජිත සේනාරත්න මහතාය. ඔහු එකළ රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයෙකු ලෙස එය නියෝජනය කර තිබේ.

එහෙත් ඔහු අද පවසන්නේ “පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි. අපිත් එක්ක එදා 80 දශකයේ දී වේදිකාවේ කථා කරපු මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා තිබෙන්නේත් මේකට සහයෝගය දෙමු කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ මතයත් ඒකයි. ඔය වෛද්‍ය සංගමය ඇතුළු කට්ටිය ඇයි 2011 ඉඳන් මේකට විරුද්ධ වුණේ නැත්තේ. මේකද පළවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. කොතලාවල එකක් හැදුවා මුලින්ම. ඒ ළමයිට රජයේ රෝහල් දුන්නා. වෛද්‍ය විද්‍යාව පෞද්ගලිකව හැදෑරුවොත් නිදහස් අධ්‍යාපනය නැතිවෙනවානම් විරුද්ධ වෙන්න තිබුණේ එදා. මේක යටතේ තිබෙන්නේ දේශපාලන අරමුණක්. නිදහස් අධ්‍යාපනයේ තිබෙන පළවැනි පරමාර්ථය තමයි අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස.” යනුවෙනි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පක්ෂය යැයි රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළද සයිටම් සම්බන්ධ ප්‍රශ්නයේදී වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සෘජුවම තව විරෝධය පල කර ඇති අතර සයිටම් පිළිගන්නා ලෙස ඔහුට විවිධ බලපෑම්ද එල්ල වූ බව පසුගිය සමයේ වාර්තා විය.
එහෙත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දිගින් දිගටම සයිටම් ආතනය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.