Header Ads

මුහුදු පැලෑටි ආහාර නිෂ්පාදනය කිරීමට නාරා ආයතනය සූදානම්


නාරා ආයතනයට මුහුදු පැලෑටි ආශ්‍රිත ආහාර නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ ආරම්භ කිරීමට උපදෙස් ලබාදී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම ඒවා පරිහරණය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙස ද නාරා ආයතනයට උපදෙස් ලබාදී ඇති බව සදහන්.

ඒ අනුව මුහුදු පැළෑටි ආශ්‍රිතව නිපදවන ලද ජෙලි විශේෂයක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා.

මුහුදු පැළෑටි යොදාගනිමින් ආහාර නිපදවීමේ තාක්ෂණය නොමිලේ ලබාදීමටද නාරා ආයතනය කටයුතු යොදා තිබෙනවා.

මුහුදු පැළෑටි ආශ්‍රිතව නිපදවන ආහාර පරිභෝජනය මගින් පෝෂණ ඌනතා අවම කරගත හැකි අතර, ඒවායේ අයඩීන් ඇතුලු පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් අන්තර්ගතව පවතිනවා.

එමෙන්ම බෝ නොවන රෝග වළක්වාගැනීමට මුහුදු පැළෑටි ආශ්‍රිත ආහාර පරිභෝජනය වැදගත් බවද විද්වතුන්ගේ අදහසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.