Header Ads

පේරාදෙණිය නවක වධයට'අන්තරේ' ගෑවිලාවත් නෑ. - කැඳවුම්කරු ලහිරු වීරසේකර


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධිය සම්බන්ධයෙන් අපට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරනවා. මේවාට අපේ සම්බන්ධයක්‌ නැහැ. අන්තරේට මුවාවෙලා කටයුතු කරන අයත් ඉන්නවා.

වැරදි කරන අයට දඬුවම් ලැබෙන්න ඕනෑ යෑයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවැසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසරේ සිසුන් නිරුවත් කර කුලී නිවසකදී නවක වධය ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයට එල්ලවන චෝදනා පිළිබඳව විමසූ අවස්‌ථාවේදී ඔහු එසේ කීය.

ලහිරු වීරසේකර මෙසේද කියා සිටියේය.

දැන් මේ පේරාදෙණිය කැම්පස්‌ එකේ නවකවධ සිද්ධිය නතර වෙන්න ඕනේ කැම්පස්‌ එක ඇතුළෙන්මයි. මේවා ගැන ඒ ඒ පාලකයන් බලන්න ඕනෑ. නිකං බොරුවට අපට චෝදනා කරලා වැඩක්‌ නැහැ. අපි මේ දවස්‌වල සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා උද්ඝෝෂණය කරන වෙලාවක අපිට වෙලාවක්‌ තියෙනවද අලුත් සිසුන්ට නවක වධය දෙන්න. මේ දැනුත් සයිටම් විරෝධී උද්ඝෝෂණයකයි ඉන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.