Header Ads

කණිෂ්ඨයින්ට අතවර කළ සිසුන් තිදෙනා අත්අඩංගුවට


මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසකට අතවර කිරීමේ සිදිධියන් සම්බන්ධයෙන් එම පාසලේ තවත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය සිදු කළ විමර්ශනයක් අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

පසුගිය 24 වන දා සැකකාර සිසුන් තිදෙනා විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි පාසලක  කණිෂ්ඨ සිසුන් පිරිසක් නිරුවත් කර වීඩියෝගත කර තිබේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 11, 12 සහ 13 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.