Header Ads

හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් - කෝප් කමිටුව තීරණය කරයි


හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් ද මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට එම අධ්‍යක්ෂක මණ්ඩලය කැඳවා මීට පෙර උපදෙස් දුන්න ද මෙතෙක් එය සිදු කර නොමැති බව ය.

මේ අතර තවත් රාජ්‍ය ආයතන 15කට අදාළව සිදු කළ විමර්ශන පිළිබඳව කෝප් කමිටු වාර්තාව පෙබරවාරි 08 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද තීරණය කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.