Header Ads

පුසෝ ගැන අපි නොදත් දේ


අපි කොයි කාගේ ගෙදරත් සුලබව දකින්න පුලුවන් සතෙක් තමයි බළලා කියන්නේ  . සාමාන්‍යෙන් අපි කියන්නේ පුසා කියලනේ . ඉතින් .. මේ පුසෝ ගැන ඔබ නොදත් දේවල් ටික්ක ගැන තමා කියන්න යන්නේ  . බලන්නකෝ කියවලම  . 

1.ඩිස්නිලන්තයට කළුවර වැටීගෙන එද්දී මීයන් ඇල්ලීම සඳහා බළලුන් 200ක් මුදාහරිනු ලබයි.

2.බළලුන්ට දහදිය දමන්නේ අත්ලටය.

3.බළලුන් සාමාන්‍යයෙන් යම් ආහාරයක් විශ්වාසයෙන් යුතුව කෑමට ගැනීමට පෙර තුන්වරක් දිවගා බලා හතරවෙනි වතාවේදී ආහාරයට ගනිති. එබැවින් බළලුන්ට කෑමත් සමග යම් බෙහෙතක් කැවීමට අවශ්‍ය නම් හතරවැනි කෑමපිඩ සමග එය දිය යුතුය.


4.බළලුන් කෙටි නින්දට වැටීමට ආශා කරති. සාමාන්‍යයෙන් බළලෙකු දවසේ කාලයෙන් 70% ක් නිදාගැනීමට වැය කරති.

5.අඳුරේදී බළලුන්ගේ මුත්‍රා සිතාගැනීමට බැරි තරම් උණුසුම්වේ.

6.සෑම ගෘහස්ථ බළල් වර්ගයක්ම අප්‍රිකානු වල් බළලුන් පස් වර්ගයකින් එකකට අයත්වේ.

7.බළලුන්ට පැණිරස නොදැනේ.

8.වැඩි වශයෙන් බැළලියකට දකුණත හුරුවන අතර බළලෙකුට හුරුවන්නේ වම් අතය.

9.බළලුන්ට උරහිසත් පපුවත් යාකෙරෙන අකු ඇටයක් නැත.

10.දොර වසා තිබියදී බළලුන්ට නිවසින් එළියට යාමට 'දොර සිදුරක්' (cat flap) මුලින්ම නිර්මාණය කළේ අයිසැක් නිව්ටන් විසින් බවට විශ්වාසයක් පවතී.

11.බළලුන්ට මුහුදු වතුර පානය කිරීමේ හැකියාව ඇත. එයට හේතුව බළලුන්ගේ වකුගඩු වල ඇති සංඛීර්ණ යාන්ත්‍රණයක් මගින් වතුරෙන් ලුණු ඉවත්කළ හැකි වීමය.


12.ක්ෂීරපායි සතුන් සහ කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ 33ක් මිහිතලයෙන් තුරන්වීමට බළලුන් හේතුවී ඇත. එම සත්ව විශේෂ වඩාත්ම වැඩි ව්‍යාප්තියකින් යුතු සත්ව විශේෂ 100 ට අයත්වේ.
උපුටා ගැනිම  : බිබීසී 

හොදයි කියලා හිතුනා නම් ලයික් කරන්න . යාලුවෝ අතරේ ශෙයා කරන්නත් අමතක කරන්න එපා . 




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.