Header Ads

සයිෆ්, කරන්ට දුව දෙයි

සයිෆ්-කරිනා යුවළට කුලුඳුලේ උපන් ටයිමූර් බොලිවුඩයේම අවධානය දිනා ගත්තා. ඒත් සයිෆ් අලිඛාන් කරීනා සමඟ විවාහ වුණේ දෙවැනි වරටයි. 

පළමු විවාහයේදී සයිෆ්ට දියණියක් හා එක් පුතෙක් ඉන්නවා. මේ අතරින් සයිෆ්ගේ දියණිය වන සාරා අලිඛාන් අලුත්ම චිත්‍රපටයකින් බොලිවුඩයට පා තබන්නයි දැන් සූදානම. 

මුලින් නම් කටකතා පැතිරුණේ කරන් මල්හෝත්‍රාගේ චිත්‍රපටයකින් රිතික් රෝෂන් සමඟ සාරා මුලින්ම සිනමාවට එන බව වුණත් මේ කතාව දැන් අසත්‍යක් වෙලා තියෙනවා.

කරන් ජොහාර්ගේ චිත්‍රපටයකට සාරාට අවස්ථාව ලැබුණත්, දුව ආලියා ඛාත් වගේ වෙනවට තමන් කැමැති නැතැයි මාධ්‍යයට සයිෆ් අදහස් පළ කළ බවට මත පළ වුණත් මේ සියලුම කතා සයිෆ් ඉවත දමනවා. 

ඒ විතරක් නෙවෙයි ඔහු දියණිය බොලිවුඩයට පැමිණීම ගැන සතුටින් අදහස් පළ කරලත් තියෙනවා.

"සාරා රිදී තිරයේ දකින්න ලැබීම ගැන මම ඉන්නේ හරිම සතුටෙන්. සාරා නිතරම මේ ගැන මාත් එක්ක කතා කරලා උපදෙස් ගත්තා. 

ඒත් අවසාන තීරණය එයාගේ. කරන් ජොහාර් නිතරම තරුවලට සිනමාවේ ඉඩක් දෙන නිසා. ඇය මේ අභියෝගය සාර්ථකව ජයගනී කියන විශ්වාසය මට තියෙනවා. 

කරන් වගේ දක්ෂ සාර්ථක සිනමාකරුවෙක් සමඟ ඇයට වැඩ කරන්න ලැබීමත් සතුටක්" කියලා තමයි සයිෆ් කියලා තිබුණේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.