Header Ads

ඔස්ට්‍රේලියාවට සැනසිලි ජයක්, තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට.


ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තුන්වැනි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 41 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අද හිමිවිය.

කෙසේ වෙතත් තරගාවලියේ පැවති පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය තරග 2-1 ක් ලෙස ජයගැනීමට හැකිවිය.

ඇඩිලේඩ් පිටියේ පැවති තරගයට අද නිරෝෂන් දික්වැල්ලට සහභාගීවීමේ අවස්ථාව හිමිනොවීම මත, එම ස්ථානය හිමිවූවේ, දසුන් ශානකටය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබා දීමට, ඒරොන් ෆින්ච් හා මයිකල් ක්ලින්ගර් සමත්විය.

ලසිත් මාලිංග යොමුකළ පළමු පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී  ලබා දුන් උඩ පන්දුව, ඩිල්ශාන් මුණවීර අතින් ගිලිහීයාමෙන් උපරිම ප්‍රයෝජන ගත් ෆින්ච් ලකුණු 53 ක් රැස්කළ අතර මයිකල් ක්ලින්ගර් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව පන්දු 51 ක් තුළ ලකුණු 79 ක්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 18 ක දී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 177 ක් ලබා ප්‍රභල ස්ථානයක පසුවුවත්, අවසන් පන්දුවාර දෙකේ දී ලසිත් මාලිංග හා දසුන් ශානක ලකුණු 10 ක් පමණක් ලබා දෙමින්, කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක් විය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට හැකි විය.

ලසිත් මාලිංග ලකුණු 35 ක දී කඩුලු 2 ක් දවා ගත් අතර, දසුන් ශානක ලකුණු 27 ක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට අද නායක උපුල් තරංග සමගින් පිටියට පිවිසියේ ඩිල්ශාන් මුණවීරයි.

ආරම්භය සාර්ථක කරගනිමින් පලමු පන්දුවාර 3 තුළ ලකුණු 35 ක් රැස්කිරීමට ඔවුන් සමත්වුවද, උපුල් තරගං ලකුණූ 14 කට සිව්වැනි පන්දුවාරයේදී දැවී යෑමෙන් පසුව පන්දුවට පහරදීමට පිවිසියේ කුසල් මෙන්ඩිස්.

මෙන්ඩිස් දෙවැනි කඩුල්ල ලෙස දැවී යනවිට  ශ්‍රී  ලංකා කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 3 කදී ලකුණු 68 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

ඩිල්ශාන් මුණවීර ලකුණූ 37 ක් ලබා සිටියදී 9 වැනි පන්දුවාරයේදී දැවී යෑමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

දෙවැනි තරගයේ ක්‍රීඩා නොකළ දඟ පන්දුයවන ක්‍රීඩක ඇඩම් සම්පා විසින් අසේල ගුණරත්න 10 වැනි පන්දුවාරයේදි දවා ගනිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ, පන්දුවාර 9 යි පන්දු 3 කදී ලකුණු 76ට 4 ක් ලෙසයි.

නැවත ක්‍රියාත්මක වූ සම්පා 12 වැනි පන්දුවාරයේ චාමර කපුගෙදර හා දසුන් ශානකගේ කඩුලු දවා ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතෙන් ඉවතට තල්ලු විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.