Header Ads

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය නායක ඇන්ජලෝට අහිමිවෙයි.


  • මාස 6 ක් තුළ ඇන්ජලෝට දෙවැනි ටෙස්ට් තරගාවලි අහිමිවෙයි.
  • නව නායකයෙකු නම් කර නැහැ.
  • කණ්ඩායම ගැන අවසන් තීරණය අඟහරුවාදා.
  • පල්ලෙකැලේට තරග නැහැ.
  • බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට අහිමිව ඇත.
ආබාදයක් හේතුවෙන්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත් අවසන් පන්දුවාර 20/20 තරගය හා එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ මැතිව්ස්ට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිවිය.

මැතිව්ස් හට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියටද සහභාගීවීමේ අවස්ථාන අහිමිවන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 හා එක්දින තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරනු ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

 ටෙස්ට් තරගාවලියෙන් මැතිව්ස් ඉවත්කිරීමට නිශ්චිත හේතුවක් අදාළ නිවේදනයේ , සඳහන් කර නැති අතර, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ලබා දෙන්නේ කාටද යන්න ද එහි සඳහන්ව නැත.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට, බංග්ලාදේශ කණ්ඩායම නම්කර ඇති නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා නම් කර නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලබන අඟහරුවාදා රැස්වී, කණ්ඩායම පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇතැයි ද  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 7 වැනි දා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය ලබන 15 වැනි දා සිට කොළඹ පී සරා ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිත වේ.

පල්ලෙකැලෙන් තරග හැලේයි.

මෙම තරගාවලියේ එකදු තරගයක් හෝ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හෝ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ නැත.

පළමු එක්දින තරග දෙක රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර, තුන්වැනි තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී දිවා තරගයක් ලෙස පැවැත්වේ.

පන්දුවාර 20/20 තරග දෙක පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දීය.a

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.