Header Ads

දරුපල ලබාදීමට කත නිරුවත් කළ කපුවාට වැඩ වරදියි.


කළුකුමාර දිෂ්ඨිය ඉවත්කොට කාන්තාවකට දරුපල ලබාදීමට අමුතුම ආකාරයක පූජාවක්‌ කිරීමට සැරසුණු නාගොල්ලාගොඩ ප්‍රදේශයේ දේවාලයක කපුවකු බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

පසුගිය දිනෙක හල්මිල්ලවැවගනේගොඩ ප්‍රදේශයේ නිවසක පූජාවකට සහභාගි වූ මෙම කපුවා හමු වූ එම ප්‍රදේශයේ 34 හැවිරිදි විවාහක කාන්තාවක්‌ තමාට දරුපල නොමැති අතර කළයුතු පුද පූජාවන් පිළිබඳව කරන ලද විමසුමකට අනුව පසුගිය 13 වැනි දින නාගොල්ලාගොඩ පිහිටි තම දේවාලයට සවස්‌ කාලයේ නා පිරිසිදු වී අවශ්‍ය තෙල්මල් පූජා වට්‌ටි ද රැගෙන එන ලෙස දන්වා ඇත. 

ඒ අනුව සැමියාත් සමඟ එදින සවස දේවාලය වෙත ගොස්‌ ඇති අතර සැමියා එළියේ නවතා තැබූ කපුවා බිරිඳව අදාළ ශාන්තිකර්මය කිරීමට දේවාලය තුළට රැගෙන ගොස්‌ ඇත.

දේවාලය තුළ තිර තුනක්‌ ඇතුළට කැඳවා ගිය ආතුර කාන්තාවගේ ළමැද තෙල් ගැල්විය යුතු බව පවසා උඩුකය නිරුවත් කොට කපුවා විසින් තෙල් ආලේප කොට පසුව කාන්තාවගේ රහස්‌ ප්‍රදේශවල ද තෙල් ආලේප කොට කපුවා නිරුවත් වී ඇත. අදාළ අලුත්ම පූජාව ගැන බිය පත් කාන්තාව දේවාලයෙන් එළියට පැන සැමියා සමඟ ගොස්‌ බිංගිරිය පොලිසියට පැමිණිලි කොට ඇත.

සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් එම දේවාලයට යැමත් සමඟ කපුවා පලාගොස්‌ ඇති අතර නැවත ඊයේ (14 දා) බිංගිරිය පොලිසියට බාර වී ඇත.

සැකකරු බිංගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති පො.ප. ප්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස්‌ පරිදි පො.සැ. (31545) සරත්, පො.කො. (49082) දිසානායක යන මහත්වරුන් සමඟ හෙට්‌ටිපොල පොලිසිය මගින් හෙට්‌ටිපොල අධිකරණයට භාරදීමට ඊයේ (14 දා) කටයුතු කර ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.