Header Ads

රංගන හේරත්ගේ සහායෙන් ඔස්ට්‍රේලියාව ඉන්දියාව දණ ගස්වයි.


ඉන්දු – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද, ඉන්දියානු පළමු ඉනිම ලකුණු 105 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

එහිදී වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක ස්ටීව් ඕ කීෆ් ලකුණු 35ට කඩුලු 6 ක් දවා ගත්තේ, ටෙස්ට් දිවියේ ඉනිමක ඔහු වාර්තා කල හොඳම පන්දුයැවීම ලෙසය.

ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට පෙර ස්ටීව් ඕ කීෆ් හා නදන් ලියෝන්, ශ්‍රී ලංකා දඟ පන්දුයවන ක්‍රීඩක රංගන   හේරත්ගේ උපදෙස් මත ඩුබායි හීදී පුහුණුවීම් සිදුකළ බවවාර්තාවේ. 

මෙලෙස විශේෂ පන්දුයැවීමක්, ඉන්දියාවේ තණතිලිවල සිදුකිරීම සඳහා රංගන හේරත්ගෙන් ලද විශේෂඥ්ඥ දැනුම, ඉවහල්වු  බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

රංගන හේරත්ට අමතරව එංගලන්තයේ මොන්ටි පනේසාර් හා නවසීලන්තයේ ඩැනියෙල් විටෝරීගේ උපදෙස් ද ඔස්ට්‍රේලියාව දඟ පන්දුයවන්නන්ට ලැබී තිබේ.

එසේම පූනේ හී දී පැවැත්වෙන මෙම තරගය සඳහා ලබා දී ඇති තණතිල්ලේ ස්වභාවය සම්බන්ධයෙන් ද විචාරකයන් අප්‍රසාදය පළ කරයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.