Header Ads

කැන්ගරු රටේ සිංහ කොඩිය යළිත් ලෙළදේ - අසේල අවසන් පන්දුවෙන් තරගය දිනවයි


සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන්  ඔස්ටේ‍්‍රලියාව සියල්ලන්  දැවී ලකුණු 173ක් ලබා ගත්තා.පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවේදී ජය ලබාගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසේල ගුණරත්න ලකුණු 84 ක් ලබා ගත්තා.ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තිදෙනා වන ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ විකුම් සංජය බණ්ඩාර කඩුලු 8 ක් බෙදාහදා ගත් නමුත් තමන්ගේ ඉලක්කයට ආසන්න වූ ඕස්ට්‍රේලියානුවෝ වික්ටෝරියා ප්‍රාන්තයේ සවුත් ගීලෝන්ග් නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී නියමිත ඕවර සංඛ්‍යාව අවසන් වන විට ලකුණු 173 ක් ලබාගත්හ.

නුවන් කුලසේකර අවසන් ඕවරයේදී දවාගත් කඩුලු 3  නිසා ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 10 ම බිම දමාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ නමුත් ඒ වන විටත් ඕවරයකදී ලකුණු 8.65 ක වේගයක් ඔවුන් ලබාගෙන තිබිණ.

ඕස්ට්‍රේලියානුවන්ගේ මූලික ඉලක්කය වූයේ ලකුණු 180 සීමාවයි. ඒ වෙනුවෙන් කඩුලු කීයක් අහිමි කරගන්නේද යන්න පිළිබඳ ගැටළුවක් ඔවුනට නොතිබිණ.

15 වැනි ඕවරයේදී කඩුලු 7 ක් අතැතිව ලකුණු 120 සීමාව පසුකළ ඕස්ට්‍රේලියානුවන් එතැන් සිට ආක්‍රමණය වැඩි කළ නමුත් අවසන් ඕවර 5 දී කඩුලු 7 ක් අහිමි කරගන්නා අතරේ ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 48 ක් පමණි.

සෙසු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙද්දී අංක 4 පිතිකරු මෝසස් හෙන්රික්ස් පැත්තකට වී තමන්ගේ කඩුල්ල රැකගනිමින් පන්දු 37 කින් ලබාගත් ලකුණු 56 ට හයේ පහර දෙකක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

ඕස්ට්‍රේලියානු පිල 

මයිකල් ක්ලින්ගර් - ඇ. දික්වැල්ල සංජය බණ්ඩාර      43
ඒරන් ෆින්ච් - ඇ. සහ ප. සංජය බණ්ඩාර   12
බෙන් ඩන්ක් - ප. ගුණරත්න 32
මොයිසස් හෙන්රික්ස් - නොදැවී 56
ට්‍රැවිස් හෙඩ් - ඇ. දික්වැල්ල ප. කුලසේකර 4
ඇෂ්ටන් ටර්නර් - ඇ. සිරිවර්ධන ප. ප්‍රසන්න 7
ජේම්ස් ෆෝක්නර් - ක.මු.කළා ප. මාලිංග 1
ටිම් පේන් - ක.මු.කළා ප. මාලිංග 7
පැට් කමින්ස් - ප. කුලසේකර 3
ඇන්ඩෲ ටේ - ක.මු.කළා ප.කුලසේකර 0
ජේ රිචඩ්සන් - ප. කුලසේකර 0
අතිරේක (ව-3, පා-5) 8
එකතුව ඕවර 20 කදී සියලුදෙනා දැවී     173

කඩුලු වැටීම 

1-18 (ෆින්ච්), 2-63 (ඩන්ක්), 3-113 (ක්ලින්ගර්), 4-121 (හෙඩ්), 5-134 (ටර්නර්), 6-144 (ෆෝක්නර්), 7-162 (පේන්), 8-169 (කමින්ස්), 9-173 (ටේ), 10-173 (රිචඩ්සන්)

පන්දු යැවීම

ලසිත් මාලිංග 4-0-31-2  
නුවන් කුලසේකර 4-0-31-4 ව-2
සංජය බණ්ඩාර 4-0-32-2 ව-1
දිල්ෂාන් මුණවීර 1-0-22-0  
අසේල ගුණරත්න 3-0-26-1  
සීකුගේ ප්‍රසන්න 4-0-26-1  

ශ්‍රී ලංකා පිල 

නිරෝෂන් දික්වැල්ල - ඇ. පේන් ප. ෆෝක්නර් 14
උපුල් තරංග - ඇ. රිචඩ්සන් ප. ටර්නර් 4
ඩිල්ෂාන් මුණවීර - ඇ. පේන් ප. ටේ 10
කුසල් මෙන්ඩිස් - ඇ. පේන් ප. රිචඩ්සන් 5
අසේල ගුණරත්න - නොදැවී 84
මිලින්ද සිරිවර්ධන- ඇ. ටර්නර් ප. ටේ 0
චාමර කපුගෙදර - ඇ. ඩන්ක් ප. කමින්ස් 32
සීකුගේ ප්‍රසන්න - ඇ. හෙඩ් ප. ෆෝක්නර් 7
නුවන් කුලසේකර - ඇ. ක්ලින්ගර් ප. ටේ 12
ලසිත් මාලිංග - නොදැවී 1
අතිරේක (ව-5, පා-2) 7
එකතුව ඕවර 20 කදී කඩුලු 8ක් දැවී     176

කඩුලු වැටීම 

1-5 (තරංග), 2-22 (දික්වැල්ල), 3-27 (මෙන්ඩිස්), 4-40 (මුණවීර), 5-40 (සිරිවර්ධන), 6-92 (කපුගෙදර), 7-119 (ප්‍රසන්න), 8-160 (කුලසේකර)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා
සංජය බණ්ඩාර

පන්දු යැවීම

ඇෂ්ටන් ටර්නර් 2-0-15-1  
පැට් කමින්ස් 3-0-28-1 ව-1
ජේම්ස් ෆෝක්නර් 4-0-32-2  
ජේ රිචඩ්සන් 3-0-24-1  
ඇන්ඩෲ ටේ 4-0-37-3 ව-1
මොයිසස් හෙන්රික්ස් 4-0-38-0 ව-2

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.