Header Ads

තරුණියකගේ පැරණි පෙම්වතා නව පෙම්වතාට ගහලා නව පෙම්වතාට අසාධ්‍යයි



එකම තරුණියකට ආදරය කළ පෙම්වතුන් දෛනකු අතර ඇතිවූ ගැටුමකින් තුවා ලැබූ එක්‌ පෙම්වතෙක්‌ රුණු ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර පහරදුන් පෙර පෙම්වතා සහ ඔහුට සහාය දුන් සගයකු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


රෝහල් ගත කර ඇති තුවාලකරුගේ තත්ත්වය අසාධ්‍ය බවත් යන්ත්‍රානුසාරයෙන් ශ්වසනය ලබන බවත් පහරදී ඇත්තේ පෙර පෙම්වතා බවත් පහර කෑමට ලක්‌ව රෝහල්ගත කර ඇත්තේ නව පෙම්වතා බවත් පොලිසිය පවසයි.



අත්අඩංගුවට පත් සැකකරුවන් 30 දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, වේයන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චන්දන කුමාර, පොලිස්‌ පරීක්‌ෂක ප්‍රභාත් කුලතුංග, උප පොලිස්‌ පරීක්‌ෂක සුනිල් පොලිස්‌ සැරයන් (19089) පත්මසිරි යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.