Header Ads

පහළොවේ කෙල්ල විස්සෙ කොල්ලට බන්දල දීපු මවුපියෝ උසාවියට.


බිබිල මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් මැදගම විදුහලක නවය වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි බාල වයස්කාර සිසුවියක් හා 20 හැවිරිදි පාසල් සිසුවකු දෙදෙනාගේම මවුපියන් විසින් හොර රහසේ නීති විරෝධීව නාමිකව පමණක් විවාහ කරදී සිටියදී ඉකුත් 12 වැනි දින බිබිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් අනුව එම දෙදෙනාගේ මවුපියන් අත්අඩංගුවට ගෙන ඇත.

බිබිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්. ජයවීර මහතාගේ හා මැදගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර දයාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා අංශය විසින් මොවුන් බිබිල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.