Header Ads

දිගු කාලීන මානසික පීඩනය.. වින කරයි දිවියට මෙලෙස..


මානසික ආතතිය අපි ඕනෑම කෙනෙකුට පොදුවේ ඇතිවිය හැකි තත්වයක්. නමුත්, අපෙන් සමහර අයට මේ තත්වයක් වැඩියි.. ඒ වගේ අයට හෘදයාබාධ වැළදීමේ අවධානම වැඩියි.මොකද එයාලා නිතර මානසික ආතතියෙන් පෙළෙන නිසා. මේ වගේ කෙනෙක්ව එයාගේ භාහිර ලක්ෂණවලින් හඳුනා ගන්න පුළුවන්. 

-ඔවුන් කලබලකාරියි 
-නොඉවසිලිමත් බව 
-ඉක්මනින් කිපෙන සුළු බව 
-වේගයෙන් ඇවිදියි 

මානසික අසහනයේ තවත් ප්‍රධාන ලක්ෂණ

-නිතර සිතට දුක දැනීම 
-කලකිරුණු ස්වභාවයක් ඇති වීම 
-රාත්‍රී නින්දෙන් පසු පෙරවරු 2-3 වනවිට අවදි වී එතැන් පටන් අවදියෙන් සිටීම 

දිගුකාලීන මානසික ආතතිය හේතුකොට ගෙන කෙනෙකු ගොදුරු විය හැකි රෝග කීපයක් තියෙනවා...

-රුධිර පීඩනය ඉහල යයි 
-හෘද ස්පන්දන වේගය වැඩි වේ 
-ශරීරයේ ඇඩ්රිනලින් හෝමෝන ශ්‍රාවය වැඩි වේ (එමගින් රුධිර නාල වල ඇතුලත පටල තුවාල වී මේද තැන්පත් වේ) 
-රුධිර කොලේස්ට්රෝල් ප්‍රණාමය ඉහල යයි රුධිර ග්ලුකෝස් මට්ටම ඉහල ගොස් දියවැඩියාවට ගොදුරු වෙන්න පුළුවන් 
-නිතර හිසරදය ඇති වේ 
-රුධිර පට්ටිකා ඇලීම වැඩි වී රුධිරය කැටි ගැසීමට ඇති අවධානම වැඩි වේ 

මානසික ආතතිය නැති කර ගන්නට තියෙන හොදම බෙහෙත තමයි තමාම තම මනස විග්‍රහ කර ගැනීම. ඒ වගේම මොනවා හරි යම් අසහනයක්, පීඩාවක්, වේදනාවක් පැන නැගුණු විට ඒවාට විසදුම් සෙවීම හැර ඉන් පීඩාවට පත්වීම විසදුමක් නොවේ. නමුත් දිගින් දිගටම මානසික ගැටළු අසහනකාරී දෑ සිදුවන්නේ නම්, ඒ සදහා ඖෂධ ගන්න වෙනවා.නමුත් මානසික අසහනයට තමාගේ බුද්ධියෙන් විසඳා ගන්නවා හැරෙන්න, ඒ සදහා ඖෂධ ගත යුත්තේ වෙන කල හැකි දෙයක් නොමැති විටයි. ඒ නිසා, නිතර මනස නිරවුල්ව තබා ගන්න උත්සහ කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.