Header Ads

මහින්ද සහේලි සයිටම් යැව්ව හැටි හෙළිවෙලා.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මහ රජානෝ නැමැති ගීය ගායනා කළ සහේලි ගමගේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) ඇතුළුව ඇත්තේ අවම සුදුසුකම් ද සැපිරීමෙන් තොරව බව පැවසේ.

පසුගිය සමයේදී අවම සුදුසුකම් නොලැබූ දෙදෙනෙකු එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළුව ඇති බවද පැවසේ.

සහේලිව එසේ අවම සුදුසුකම් සැපිරීමෙන් තොරව එම විදුහලට ඇතුළු කිරීමට මුල්වී ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බවද පැවසේ.

කෙසේවුවද, හාස්‍යජනක කාරණාව වන්නේ වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාද සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීමය.

මහින්ද රාජපක්ෂ විසින් මහාරජානෝ ගීතය ගැයූ නිසා සහේලි ගමගේ නමින් මාර්ගයක්ද විවෘත කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.