Header Ads

ත්‍රීම‍ලේ තෙල් ටැංකිවලට වෙන කිසි ගිවිසුමක් වලංගු නෑ.


ත්‍රිකුණාමලයේ පැවැති තෙල් ටැංකි 99ක් ලංකා ඉන්දියන් තෙල් සමාගම වෙත පැවරණ ලැබුව 2003 වසරේදී ලංකා ඉන්දියන් තෙල් සමාගම, ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරය සහ ලංකා ඛනිජතෙල් සමාගම අතර පැවැති ත්‍රෛපාර්ශ්වික
එකඟතාව තුළ “බදු ගිවිසුමක්” අත්සන් තැබීමට අවශ්‍යතාවක් මතු නොවූ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් වාර්තා කරයි. බදු ගිවිසුමක් නොමැති වීම හේතුවෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි රජයට යළි පවරා ගන්නැයි මෙරට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
නමුත් 2013 වසරේදී ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් ලංකා ඉන්දියන් තෙල් සමාගම වෙත ඉවත් වන්නැයි නිල නොවන මට්ටමින් පැවසූ නමුත් එම උත්සහාය අසාර්ථක වූයේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම යටතේ මෙම එකඟතාව සිදුවූ බවත් ඒකපාර්ශ්වික තීරණයක් මගින් එය අත්හිටුවිය නොහැකි බවටත් ඉන්දියාව විසින් ලංකාවට නිල නොවන මට්ටමින් අනතුරු ඇඟවීමක් කළ පසුවය.
එවකට පැවැති ආණ්ඩුව මෙය අත්හිටුවීමට හේතු ලෙස දක්වා තිබුණේ මෙම එකඟතාව නිසි පරිදි සිදු නොවූ බවත් එම ටැංකි හා ඉඩම් නීත්‍යනුකූලව සමාගම වෙත නොපැවරුණු බවත් පවසමිනි.
ලංකා ඉන්දියන් තෙල් සමාගමට මෙරට තෙල් ටැංකි භාවිත කිරීම සඳහා පැවරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවට එහිදී සඳහන් කර තිබිණ.
මන්ද යත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තමන්ට අයත් තෙල් ටැංකි නොමැතිවීමත් එය රජයේ දේපළක් බවටත් එකල පෙන්වා දී තිබිණ. කෙසේ නමුත් මෙතෙක් ලංකා ඉන්දියන් තෙල් සමාගම විසින් මෙරටට ගෙවා ඇත්තේ ටැංකි භාවිත කිරීම සඳහා වාර්ෂික මුදල පමණි.
මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම යටතේ වසර 35ක් සඳහා ලබාගත් ඉඩම සහ තෙල් ටැංකි ලංකා ඉන්දියන් තෙල් සමාගම විසින් යළි ලබාදීමට සූදානම් වෙයි.
මෙම සමාගම විසින් මෙරට මහ භාණ්ඩාගාරයට ඇමෙරිකානු ඩොලර් 99,000ක් වාර්ෂිකව ගෙවනු ලබන අතර ඇමෙරිකානු ඩොලර් 1000ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ද ගෙවනු ලබයි.
මේ සියල්ල යළි භාරදීමේදී ද කිසිදු අඩුපාඩුවකින් තොරව ඉදිරියට ගෙවීමට නියමිත ඇ.ඩො. 100,000ක මුදලක් ගෙවීමට ද කටයුතු කර ඇත. ගිවිසුම්ගත කාලය අවසන්ව නැතත් පාර්ශ්වකරුවන් තිදෙනාම එකඟවීම හේතුවෙන් මෙය අවසන් කිරීමට කටයුතු කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.