Header Ads

ලංකාවට තුන්වන එක්දින ජයත් අහිමි විය.


දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හිදී අද (04 වැනිදා) පැවැත්වුණු තෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක ජයක් හිමිකරගත් දකුණු අප්‍රිකාව තරගාවලිය 3-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව ඕවර 32 කදි කඩුලු 3 දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල - ඇ. ඩිකොක් ප. ප්‍රීටෝරියස්
74
උපුල් තරංග - ඇ. ප්‍රීටෝරියස් ප. රබාඩා  
31
කුසල් මෙන්ඩිස් -ඇ. අම්ලා ප. පෙලුක්වායෝ 
4
දිනේෂ් චන්දිමාල් - ඇ. මොරිස් ප. පෙලුක්වායෝ
4
ධනංජය ද සිල්වා - ඇ. අම්ලා ප. මොරිස් 
16
අසේල ගුණරත්න - ඇ.  ප්‍රීටෝරියස් ප. රබාඩා  
2
සචිත් පතිරණ - ප. ඉම්රාන් තහිර්
18
ළහිරු මදුශංක - ඇ. ඩුප්ලෙසි ප. ප්‍රීටෝරියස්
0
සුරංග ලක්මාල් - ඇ. බෙහාර්ඩින් ප. ප්‍රීටෝරියස්
0
ළහිරු කුමාර - ඇ. රබාඩා ප. තහිර්
5
ලක්ෂාන් සඳකැන් - නොදැවී 
0
අතිරේක (පා-3, ව-6)
9
එකතුව ඕවර 39.2 කදී සියලුදෙනා දැවී    
163
කඩුලු වැටීම 
1-60 (තරංග), 2-79 (මෙන්ඩිස්), 3-89 (චන්දිමාල්), 4-115 (ධනංජය), 5-125 (ගුණරත්න), 6-149 (දික්වැල්ල), 7-149 (මදුශංක), 8-155 (ලක්මාල්), 9-158 (පතිරණ), 10-163 (කුමාර)
පන්දු යැවීම
කගිසෝ රබාඩා
7-0-39-2
ව-1
ක්‍රිස් මොරිස්
8-0-38-1
ව-3
ඞ්වේන් ප්‍රීටෝරියස්
7-2-19-3

ජේ.පී. ඩුමිනි
3-0-17-0

ඇන්ඩ්ල් පෙලුක්වායෝ 
5-0-26-2
ව-2
ඉම්රාන් තහිර්
9.2-2-21-2

දකුණු අප්‍රිකාව 
ක්වින්ටන් ඩිකොක් - ප. කුමාර
8
හසිම් අම්ලා - දුවද්දී දැවී ගියා 
34
ෆෆ් ඩුප්ලෙසි - ඇ. ධනංජය ප. මධුශංක
24
ඒ.බී. ඩිවිලියර්ස් - නොදැවී 
60
ජේ.පී. ඩුමිනි - නොදැවී 
28
අතිරේක (පා-1, ව-8, නි-1)
10
එකතුව ඕවර 32 කදී කඩුලු 3 ක් දැවී    
164
කඩුලු වැටීම 
1-23 (ඩිකොක්), 2-58 (ඩුප්ලෙසි), 3-92 (අම්ලා)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
ෆර්හාන් බෙහාර්දීන්, ඞ්වේන් ප්‍රීටෝරියස්, ක්‍රිස් මොරිස්, ඇන්ඞ්ල් පෙලුක්වායෝ, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තහීර්
පන්දු යැවීම
සුරංග ලක්මාල් 
6-1-23-0
ව-1
ළහිරු කුමාර 
8-0-49-1
නි-1, ව-5
ළහිරු මධුශංක
4-0-15-1

ලක්ෂාන් සඳකැන් 
6-0-33-0

සචිත් පතිරණ 
7-0-35-0
ව-1
ධනංජය ද සිල්වා 
1-0-8-0
ව-1

නායක ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 52 කදී සිය 49 වන එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත්වූ අතර පන්දු 61 කදි හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 60 ක් ලබා ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගියේය. 

තෙවැනි කඩුල්ල සදහා පන්දු 80 කදී ලකුණු 72 ක සම්බන්ධතාවයක් පැවැත්විමට ඒ.බී. ඩිවිලියර්ස් සහ ජේ.පි. ඩුමිනි සමත්වූහ.

හසීම් අම්ලා සහ ඒ.බී. ඩිවිලියර්ස් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 34 කසම්බන්ධතාවයක් පවත්වා සිටියදී ලකුණු 34 ක් ලබාසිටි හසීම් අම්ලා දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට සචිත් පතිරණ සහ ළහිරු මදුශංක සමත්වූහ.

තවත් ලකුණු 35 ක් එක්වන විටදී දෙවැනි කඩුල්ල ලෙස ෆෆ් ඩුප්ලෙසී දවා ගැනීමට ළහිරු මදුශංක සමත්විය. ඩුප්ලෙසී දැවීයන විටදී පන්දු 27 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 24 ක් ලබා සිටියේය.


දකුණු අප්‍රිකානු ඉනිමේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ළහිරු කුමාරගේ පන්දුවකට පහරක් ගැසීමට ගිය ක්වින්ටන් ඩිකොක්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදුණු පන්දුව කඩුල්ලේ වැදීමෙන් මුළු ලකුණු 23 දී පළමු කඩුල්ල දැවී ගියේය.


පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 39.2 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි. එක් අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව කඩුලු 5 කට 149 ක් ලෙසින් කියැවුණද අවසන් කඩුලු පහ ලකුණු 14 ක් තුළ දවාගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු සුන්කිරීමට සමත්වූහ.

ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ශ්‍රී ලංකා පිලේ කඩුලු 10 ම ලකුණු 103 ක් තුළදී බිම හෙළීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

උපුල් තරංග දැවියාමට පෙර පන්දුවේදී දුන් උඩපන්දුව ජේ.පී. ඩුමිනි අතින් ගිලිහීයාම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමි කරගත් නිරෝෂන් දික්වැල්ල සිය දෙවැනි එක්දින අර්ධ ශතකය පන්දු 53 කදී සම්පූර්ණ කිරීමටල සමත්විය. ඞ්වේන් ප්‍රීටෝරියස්ගේ පන්දුවකට ගැසූ පුල් පහරක් වැරදී යාමෙන් කඩුලු රකින ක්වින්ටන් ඩිකොක් උඩපන්දුවක් රැකගැනීම නිසා දික්වැල්ල දැවී යනවිට ඔහු ලකුණු 74 ක් ලබා සිටියේය.

මුළු ලකුණු සංඛ්‍යාව 125 ක් වනවිට පස්වැනි කඩුල්ල ලෙස අසේල ගුණරත්න දවාගැනීමට කගීසෝ රබාඩා සමත්විය. 

ඞ්වේන් ප්‍රීටෝරියස් අතට උඩපන්දුවක් දෙමින් අසේල ගුණරත්න දැවීයන විට රැස්කර තිබූනේ ලකුණු 2 ක් පමණි. නැවත වතාවක් අසාර්ථක පිතිහරඹයක නිරතවූ දිනේෂ් චන්දිමාල්ව ලකුණු හතරකට සිමා කිරීමට ඇන්ඞ්ල් පෙලුක්වායෝ සමත්වූ අතර ලකුණු 16 ක් ලබාසිටි ධනංජය ද සිල්වා දවාගැනීමට ක්‍රිස් මොරිස් සමත්විය.

ක්‍රීඩාංගණයට මීමැස්සන් පැමිණිම හේතුවෙන් තරගය මිනිත්තු 65 ක පමණ කාළයක් නවතා දැමීමට සිදුවූවද ඕවර අඩුවීමක් සිදු නොවීය.

අද තරගයේදී කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම් දෙක බැගින් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් කුලසේකර සහ චතුරංග ද සිල්වා වෙනුවට ළහිරු මදුශංක සහ ළහිරු කුමාර කණ්ඩායමට එක්වූහ. දෙවැනි එක්දින තරගයේදී අබාධයකට ලක්වූ ඬේවිඞ් මිලර් සහ වේන් පානෙල් කණ්ඩායමෙන් ඉවත්කර ඒ වෙනුවට ෆර්හාන් බෙහාර්ඩීන් සහ ඞ්වේන් ප්‍රීටෝරියස් දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා තිබිණ.

ළහිරු මදුශංක සහ ළහිරු කුමාර එක්දින වරම් හිමිකර ගැනීමට අද සමත්වූහ.

අද තරගයෙන් ලැබෙන ආදායම ලොවපුරා පිළිකා රෝගයෙන් පෙළෙන රෝගින් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඊට සහය දැක්වීම සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම රෝස පැහැති ඇඳුමෙන් සැරසී අද දිනයේදී ක්‍රීඩා කරනු ලැබිය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.