Header Ads

මට මේක කාටවත්ම කියාගන්න බෑ


මේනකා ගැන මේ දවස්වල මාර කතාවක් තමයි පැතිරෙන්නේ. මේනකා කියන්නේ කොහොමටත් අඵත් පුවත් මවන්නියක්. කොහොමහරි මේ දවස්වල නම් මේනකා ගැන කියවෙන්නේ වෙනස්ම කතාවක්. මේ කතාවෙන් වැඩියෙන්ම කලබල වුනේ මේනකාට ආදරේ කරන රසික පිරිස.

බොහොම සුන්දර රූ සපුවකට හිමිකම් කියන මේනකා කා අතරත් ජනප‍්‍රිය වෙන්නේ නිහතමානී කලාකාරිනියක් විදියට. ඒත් හිටපු ගමන් මේනකා ගැන දැන ගන්න ලැබුන මේ ආරංචියෙන් බොහෝ අයට අනේ අපොයි කියවුනා. අපි පණදාගෙන ආදරේ කරන කාන්තා චරිතයක් එක පාරම පිරිමියෙක් වෙන්න යනවා
කියවුනාම දුක හිතෙනවනේ.

මේනකාගෙන් පිරිමි ලක්‍ෂණ පහල වෙලාලූ. මේ වෙච්ච දේ මට කාටවත් කියාගන්න පුඵවන්කමක් නෑ. කොහොමද මේවා කටක් ඇරලා කියන්නේ. අන්තිමට මං ඩොක්ටර් කෙනෙක් ලගට ගියා. මේනකා වැඩිදුරටත් මේ වගේ තමන්ගේ අපූරු ලක්‍ෂණ ගැන කියද්දි මේකේ අලගිය තැන් මුල ගිය තැන් මුලගිය තැන් හොයන්න අපිට පුඵවන්කම ලැබුනා.

සිද්ධ වෙලා තියන ඇත්ත කතන්දරය මේකයි. මේ සිද්ධිය මේනකාගේ ඇත්ත ජීවිතයට නම් වෙච්ච දෙයක් නෙවෙයි. සරලව කිව්වොත් මේනකා මේ දවස්වල රගපාන චිත්‍රපටියක ඇගේ චරිතයේ ලක්‍ෂණලූ මේ. ඉතින් මේනකා රගපාන චරිතය ගැන මේ තරම් මිනිස්සු කතා වෙන්නේ ඇයට ලැබුනු ඒ චරිතය මේනකා සීයට දෙසීයක් හොඳින් රගපාන නිසා කියලයි සිනමාවට සම්බන්ධ අය කියන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.