Header Ads

ගැබිනි මවට බස් රථයේ දී අමානුෂික ලෙස සැලකූ කොන්දොස්තරට වැඩ වරදී.


කටාන ප්‍රදේශයේ ගැබිනි කාන්තාවක් සිය මවගේ නිවසේ සිට හල්පේ පිහිටි මාතෘ සායනයක් වෙත බස් රියකින් යාමේ දී අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා වමනය ගිහින් තිබෙනවා.

වමනයෙන් බස් රථයේ කාපට් අපවිත්‍ර වූ නිසා එය පිරිසිදු කරන ලෙස කොන්දොස්තර සහ රියදුරා මේ ගැබිනි කාන්තාවට සහ ඇගේ මවට තර්ජනය කරලා.

එහෙත් ගැබිනි කාන්තාව සහ ඇගේ මව හල්පේ ප්‍රදේශයේ සායනය අසලින් බැසීමට සූදානම් වුනත් කොන්දොස්තර ඔවුන්ට ඒ සඳහා ඉඩ නොදීම නිසා මීරිගම නගරය දක්වා එන්නට සිදුවී තිබෙනවා. 

මීරිගම නගරයේ දී කොන්දොස්තරගේ සහ රියදුරාගේ බලපෑම මත ඔවුන් දෙදෙනාට වමනය තැවරුණු කාපට් සියල්ල සෝදා පිරිසිදු කර දෙන්නට සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්පසු මේ කාන්තාවන් දෙදෙනා මාතෘ සායනයට පැමිණියත් ඒ වන විටත් එය අවසන් වී ඇත. එම නිසා ඔවුන් දෙදෙනා බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියට මේ පිළිබඳ දැනුම් දී ඇති අතර ඔවුන්ගේ උපදෙස් මත කොටදෙනියාව පොලීසියට පැමිණිලි කර තිබේ. 

එම අවස්ථාවේදීම කොටදෙනියාව පොලිස් නිළධාරීන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරව අත්අඩංගුවට ගෙන ඇත. 

ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කොන්දොස්තරට බස් රථය අයිති නිසා රියදුරාට එම අවස්ථාවේදී කිසිවක් සිදුකිරීමට නොහැකි වූ බවයි. කොටදෙනියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.