Header Ads

හොරණදී මූල්‍ය ආයතන හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කෙරෙයි.


හොරණ, ඉළිඹ මංසන්දියේදී සිදු කළ වෙඩි තැබීමකින් මූල්‍ය ආයතන හිමිකරුවෙකු ඝාතනයට ලක් ව තිබේ.
පොලීසිය පැවසුවේ අද උදෑසන 7.45 පමණ ඔහු මොටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය.
මිය ගිය පුද්ගලයාගේ සිරුර එම ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

පළා ගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.