Header Ads

ඔස්ට්‍රේලියාවේ දී සැමියා මැරු කතට නිදහස හිමි වෙන ලකුණු?


වෛද්‍ය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීක වෛද්‍යවරියට පොදු සමා කාලයක් ලබා දී තිබු අතර මේ සතිය තුළ දී ඇය හිරෙන් නිදහස් කරනු ඇතැයි බටහිර ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කරයි. 

ඇයට පසුගිය වසරේ ජූනි මාසයේ සිට මෙම පොදු සමා කාලය ලැබීමට නියමිතව තිබු නමුත් එහිදී වීසා සම්බන්ධයෙන් හට ගත් ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් මෙම සමා කාලය ඇහිරි තිබිණි. කෙසේ වෙතත් ඇයගේ මිතුරන් එක්ක ආගමන විගමන දෙපාර්තමේන්තුවට සිදු කළ ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව ඇයට නැවතත් වීසා ලැබී ඇති බව වාර්තා වෙයි. 

34 හැවිරිදි දිනේද්‍ර අතුකෝරාල නැමැති වෛද්‍යවරයෙකු ඔස්ට්‍රේලියාවේ සෙන්ටන් ප්‍රදේශයේ නිවසක් තුළ ඝාතනය  කිරීමට චාමරී ලියනගේ නැමති මෙම කාන්තාවට චෝදනා එල්ල වී තිබිණි. 

අද (27) දිනයේ දී ඇයට නිදහස් වීම සම්බන්ධයෙන් බන්ධනාගාර මණ්ඩලයේ අනුමැතිය හිමි වීමට නියමිතව ඇති අතර ලබන බදාදා (01) දිනයේ දී ඒ අනුව ඇයට නිදහස හිමිවෙනු ඇති බවට අපේක්ෂා කෙරේ. 

(under the courtesy of adaderana news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.