Header Ads

කුලියාපිටියේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට.


මාදම්පේ – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ ගල්මුරුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ යතුරුපැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගිය අතර තව ත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, එකම දිසාවේ සිට පැමිණි යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු ව ඇති බව ය.

මිය ගිය පුද්ගලයා ගල්මුරුව, පල්ලේකැලේ පදිංචිකරුවෙක් වන අතර තුවාල ලැබු පුද්ගලයා හලාවත මහ රෝහලට ඇතුළත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරන ලදී.

News First

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.