Header Ads

සයිටම් එක ගැන ප්‍රස්න ඇසු සිසුවෙකුට බස් ගැමුණු පහරදීලා?


මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ රත්නපුර පැවති සම්මන්ත්‍රණයකදී උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබ තිබුණේ මාළඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදය විසිනි.

සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා පැමිණි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ප්‍රශ්න අසමින් බාධා කිරීම ත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

පහර දීමට ලක් වූ බව කියන ශිෂ්‍ය අදාළ සිදුවීම මෙලෙස විස්තර කළේ ය.

ඒ ගොල්ලෝ අපිට තල්ලු කරගෙන ඇදගෙන ගිහිල්ලා ශාලාවෙන් එලියට ඇදලා දැම්මා. විජේරත්න මහත්තයා දොරවහපන් දොරවහපන් කියලා කිව්වා. පස්සේ ඒගොල්‍ලෝ දොරවහගෙන හිටියා මාධ්‍යයට ඇතුළට එනන් අවස්ථාව පස්සේ ගැමුණු විජේරතන්න මහත්තයා මට පහර දෙන්න පටන් ගත්තා. පොලිසියේ මැදිහත්වීමෙන් අපිට ශාලාවෙන් එළියට එක්කගෙන ගිය.
කෙසේ වෙතත් ගැමුණු විජේරත්න මහතා පවසන්නේ තමා කිසිදු ආකාරයේ පහර දීමක් සිදු නොකළ බව ය.

පුද්ගලයෙක් නැගිටලා ඔහුට යම් ආකාරයේ ද්වේශ සහගත විදියට ප්‍රකාශ කරන්න පටන් ගත්තා‍. අපි කිව්වා ඒ අයට පස්නේ කථා කරන්න අපි වෙලාව දීලා තියෙනවා කියලා. එහෙම ඇහුවේ නෑ. දිගින් දිගට ම බාධා කරනන් ගත්තා. පස්සේ අපේ කණ්ඩායම කථා කරලා ඔවුන්ව ශාලාවෙන් ඉවත් කරා. ඇත්තෙන්ම මටත් කේන්ති ගියා. කිසිම ආකාරයේ පහර දීමක් මම සිදුකළේ නෑ

කෙසේ වෙතත් තවත් පහර කෑ බව කියන තවත් සිසුවෙකු සිද්ධිය මෙලෙස විස්තර කළේ ය.

අපිට බෙල්ලෙන් අල්ලාගෙන තල්ලු කරගෙන එළියට ඇදගෙන ගියා‍. එළියට ඇදගෙන යන අවස්ථාවේදී ගැමුණු විජේරත්න කියන පුද්ගලයා පහර දිමකට ලක් කරා. ඒ පහර දීම අපි හොඳටම දැක්කා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, තරුණයින් සමග එලෙස ගැටුමකට මැදි වීමට තමාට හැකියාවක් නොමැති බව ය.

ච්චර ඉතින් හයියක් තියෙනවා නම් මගේ අවුරුදු 55ක් දැන් මට වයස කොහොම ද? එහෙම හැකියාවක් තියෙන්නේ. කොල්ලොත් එක්ක ගහගන්න අපිට පුලුවන් ද? ලිඛිතව පැමිණිල්ලක් කරා පොලිස්පතිවරයාට මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක සමීර සේනාරතන්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසුවේ, කිසියම් කණ්ඩායමක් විසින් සම්මන්ත්‍රණ මාලාවන් කඩාකප්පල් කිරමින් යන බව ය.

රටේ සංවර්ධනය ගැන කිසිම කැමැත්‍තක් නැති රට විනාශ කරන්න බලන් ඉන්න එක්තරා කොටසක් මේ හැම සම්මන්ත්‍රණ මාලාවටම එනවා.ඇවිල්ලා එයාලා කරන්නේ සම්මන්ත්‍රන මාලාව කඩාකප්පල් කරන්න කොළමත් ඒ වගේම සිද්ධියක් වුණා. රත්නපුරෙත් ඒ වගේ ඊයේ ඒ දේ උනා.ඉස්සරහටත් අපි සම්ම්න්ත්‍රණ මාලාවන් තියෙනවා අපි ඉස්සරහටත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.