Header Ads

ගෝඨා ප්‍රාදේශීය සභා නම් දිනයි. ජනාධිපතිවරණයක් බෑ.


හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කළහොත් පරාජයට පත්වන බවත් ප්‍රාදේශීය සභා මැතිවරණයකට තරග කළහොත් ජයග්‍රහණ කරනු ඇති බවත් සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බි. දිසානායක මහතා පැවසීය. 

මේ අතර ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ එතුමා එසේ නොකරන නිසා බවද ඇමැතිවරයා කීවේය. යම් ලෙසකික් මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණය වෙනම තරග කළහොත් පරාජය වන බවද ඇමැතිවරයා කීයා සිටියේය.

හඟුරන්කෙත ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කැබිනට් සංශෝධනයේදී ඉදිරියේදී තවත් හොඳ ඇමැතිකමක් ලැබෙයිද? නෑ. මට මේ ඇමැතිකම හොඳයි. ඉදිරියේදී ජනාධිපතිතුමා, අගමැතිතුමා කතා කරලා එහෙම කරයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනම පළාත් පාලන මැතිවරණයට ඉල්ලනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා නේද? එහෙම කරන්නේ එතුමා එහෙම නොකරන නිසා.

බැරිවෙලාවත් තනියම ඉල්ලුවොත්? ඉල්ලුවොත් පරාදයි. වෙන මොනවා කරන්නද?

ගෝඨාභය මහත්තයා ඉල්ලුවොත්? පරාදයි. ප්‍රාදේශීය සභා මැතිවරණයක් ඉල්ලුවොත් දිනයි.

ජනාධිපතිවරණයට ඉල්ලුවොත්? පරාදයි

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.