Header Ads

විරෝධතා රැල්ල රැලිගසයි. කොළඹ මාර්ග රැසක් වසා දැමෙයි.


ආබාධිත රණවිරුවන් සහ වරාය සේවකයින් විසින් සංවිධානය කර ඇති විරෝධතා හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය, බැංකු මාවත සහ ඕල්කට් මාවතේ කොටසක් වසා දමා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලෝටස් මාර්ගය, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ වටරවුම දක්වා වසා දමා ඇති බව ය.
ඊට අමතරව ඕල්කට් මාවත සහ කොටුව දුම්රියපොළ අසළින් කොටසක් ද වසා දමා තිබේ.
මේ හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.