Header Ads

ධනංජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකත්වයට.


එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ” කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු පෙළ තරග දෙක සහ එක්දින තරග 5 සඳහා තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයේ නායකයා වශයෙන් ධනංජය ද සිල්වා නම්කර තිබේ.

ටෙස්ට් ක්‍රීඩකයකු වන ධනංජය ද සිල්වා සමග තවත් ටෙස්ට් ක්‍රීඩකයන් තිදෙනකු වන ඩිල්රුවන් පෙරේරා, දිමුත් කරුණාරත්න සහ උදාර ජයසුන්දර ටෙස්ට් පිලට ඇතුළත්ව සිටිති.

තරගාවලියේ පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ මස 17 වැනිදා මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය 27 වැනිදා දඹුල්ලේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, උදාර ජයසුන්දර, සඳුන් වීරක්කොඩි, චරිත් අසලංක, රොෂේන් සිල්වා, ළහිරු ගමගේ, කසුන් රාජිත, රොන් චන්ද්‍රගුප්ත, කසුන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ සහ මාලින්ද පුෂ්පකුමාර

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.