Header Ads

පාසල් දැරියක් මවක් කල කොන්දොස්තර පෙම්වතාට වැඩ වරදී.


දෙසැම්බර් මාසයේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙනී සිටි 15 හැවිරිදි දැරියක් ඉන් සතියකට පෙර දරුවෙකු ප්‍ර‍සුත කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම දැරිය ඇල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් වන අතර දරුවෙකු බිහිකිරීම පිළිබදව ඇය රහසක් ලෙස තබාගෙන තියනවා.

පොලිසීයට ලැබුණු තොරතුරක් මත මෙම සිසුවිය සහ ඇයගේ පෙම්වතා යැයි පවසන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර බිළින්දා රෝහල්ගත කර තිබෙනවා.

මෙම දැරියගේ පෙම්වතා 23 හැවිරිදි බස් කොන්දොස්වරයෙකු වන අතර මීට වසර දෙකකට පමණ පෙර සිට දෙදෙනා අතර ප්‍රේම සම්බනධතාවයක් පවත්වා තියනවා. ඉතින් අදාළ දැරිය සිය මව සමග ජිවත්වන අතර මවට හොර රහසේ මේ සම්බන්ධතාව ගෙන ගොස් තිබෙනවා. ඒ අතර වාරයේ දිනක තමයි කොන්දොස්තර පෙම්වතා විසින් මෙම දැරිය ත්‍රිවිල් රථයකින් ඔහුගේ නිවසට ගෙන ගොස් ඇති අතර එදින උදේ සිට සවස් වනතුරුම දෙදෙනා නිවසේ ගතකර තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

ඉන්පසු මෙම සිසුවිය ගැබ්ගෙන ඇති අතර කාටත් නොකියා හොර රහසේ සිට මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙනවා. අනතුරුව නිවසේ සිටියදී ඇය උදරයේ ඇති වු වේදනාවක් මවට දැනුම් දී ඇති අතර එහිදී නිවසේ දී ම සිසුවිය දරුවා ප්‍ර‍සූත කර ඇති බව පොලීසිය පවසනවා.

පසුව අදාළ දැරියගේ මව දැරිය සහ බිහි කළ බිළිදාත් රැගෙන රෝහලට ගොස් ඇති අතර එහිදී ප්‍ර‍තිකාර ලබා දී වැඩිදුර ප්‍ර‍තිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ස්ත්‍රී දුෂණ චෝදනාව යටතේ බස් කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන නඩු පවරන බව පොලීසිය පවසනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.