Header Ads

රුව වඩවන ලෙමන්

ලෙමන් කියන්නේ ගොඩාක් සෞඛ්‍යට හිතකර දෙයක්. ඔබ දන්නවද ලෙමන්වලින් ලස්සන වෙන්න පුලුවන් කියලා  . මේක කියෙව්වාම ඔයාට පුදුම හිතේවී ලෙමන්වලින් මෙචචර ලස්සන වෙන්න පුලුවන්ද කියලා . 

ලස්සන වන්නට ලෙමන් උදව් වෙන අයුරු :

ලිප් ස්ක්‍රබ් එකක් විදියට ලෙමන් පාවිච්චි කරන්න පුලුවන් 

සමහර කාළගුණික වෙනස්කම් අපේ හමට ගොඩක් බලපානවනේ . ඉතින් එහෙම උනාම අපේ හම වියලෙන්න පුලුවන් . ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩදී, ඔයාට පුළුවන් ඔයා නිදාගන්න යන්න කලින් ලෙමන් ජූස් ඔයාගේ තොල් මත තවරලා නිදා ගන්න, lip balm එකක් විදියට. ඊට පස්සේ, ඊළග උදේ ඔයාට ලේසියෙන්ම ඔයාගේ තොල්වල තියෙන මැරුණු සම ඉවත් කර ගන්න පුළුවන්. 

හිසකෙස්වල තෙල් ස්වභාවය ඉවත්ක රන්නත් ලෙමන්වලට පුලුවන්  

හිසකෙස්වල තෙල් ස්වභාවය නැතිවෙන්න කියල එක එක ෂැම්පු ඔයා පාවිච්චි කරනවා නේද? තාම නිසි ප්‍රතිපලයක් නැද්ද? එහෙනම් ලෙමන් ජූස් ආලේප කරන්න. හිසකෙස්වල තෙල් තට්ටු ඉවත් වීමට මේක හොද උත්තරයක් . 

ලෙමන්, සම දීප්තිමත් කරයි 

ලෙමන් කියන්නේ විටමින් C හා citric acid බහුල දෙයක්. ඉතින්, ඔයාට දීප්තිමත් සහ පැහැදිලි සමක් ලබා ගන්නටනම් ලෙමන් ජූස් වැඩිපුර ඔබේ ශරීරයට එක්කර ගන්න. 

ලෙමන්, සමේ ඇති ලප, පැල්ලම් ඉවත් කරයි 

ඔයාගේ සමෙත් තිත්, ලප, පැල්ලම් තියෙනවද? එහෙනම් ඒ ස්ථානවල, ලෙමන් යුෂ ගා විනාඩි 15ක් පමණ තිබෙන්න හරින්න. 

සිනිදු වැලමිටක් හා දණහිස් ලබා ගැනීමට 

ඔයාගේ වැලමිටවල් හා දණහිස් ගොරෝසු වෙලාද? කැමතිද වැලමිටවල් හා දණහිස් සිනිදු කර ගන්න? එහෙනම්, ලෙමන් යුෂ වලට ලුණු හා ඔලිව් ඔයිල් mix කරලා ඒ තැන් වල ආලේප කරන්න. 

බලන්න, ලෙමන් කොච්චර ඔයාට උදව් වෙනවද ලස්සන වෙන්න කියල!

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.