Header Ads

දරුවා මැරුණත් ප්‍රතිකාර එපා කියූ මව්පිය යුවලක්.


ශාන්ති කර්මයක් අතරවාරයේ අසාධ්‍ය වූ දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගිය සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් අනුරාධපුර මහාධිකරණයේදි අද (07) කැඳවනු ලැබුවා.

එහිදි සාක්‍ෂි ලබාදෙමින් විශේෂඥ වෛද්‍ය සෙනරත් දයානන්ද බණ්ඩාර පැවසුවේ රෝහල්ගත කිරීමෙන් පසු දරුවාට රුධිරය ලබාදීමට තමන් උත්සාහ කළත් දරුවාගේ මව්පියන් ඊට දැඩි සේ බාධා කළ බවයි.

ඔවුන් රෝහලේ දැඩි සත්කාර ඒකකය අසල කලහකාරි ලෙස හැසිරුණු බවද වෛද්‍යවරයා මෙහිදී කියාසිටියා.

මෙම අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටින්නේ මිය ගිය අට හැවිරිදි දරුවාගේ පියා වන අනුරාධපුර, නුවර පාර ඉච්චන්කුලම කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචි සමරකෝන් බණ්ඩාර සහ දරුවාගේ මව වන හිටපු ගුරුවරියකද වන අයිරාංගනී තෙන්නකෝන් දෙදෙනායි.

අනුරාධපුර මහාධිකරණයේ රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්තගේ සාක්ෂි මෙහෙයවීම මත මහාධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් විශේෂඥ වෛද්‍ය දයාන්නද බණ්ඩාර තවදුරටත් මෙසේද පැවසුවා.

“මෙම දරුවා මිය ගොස් ඇත්තේ 2003 වසරේ මාර්තු මස 24 හෝ ඊට ආසන්න දිනයකයි.. මෙම සිද්ධිය මට විශේෂ අවස්ථාවක්. ඊට හේතුව මෙවැනි අත් දැකීමක් මා මීට පෙර මාගේ වෛද්‍ය වෘත්තිය තුල ලබලා නැහැ. රෝගීව දැඩි අසාධ්‍ය තත්වයේ පසු වූ දරුවාගේ ජීවිතය බේරා ගන්න සෑම උත්සහයක්ම ගත්තා. එම උත්සහයන් අතරතුර දරුවාට ලේ දෙන්න සුදානම් වුණා. එහෙත් දරුවා ප‍්‍රතිකාර ලබමින් සිටි දැඩි සත්කාර ඒකකය අසලට පැමිණි දරුවාගේ පියා මව සහ තවත් පිරිසක් එක්ව දරුවාට ලේ දෙන්න එපා කියලා මට දැඩි ලෙස බලපෑම් කලා. මොනම හේතුවක් නිසා වත් දරුවාට ලේ දෙන්න එපා කියලා ඒ පිරිස මට බලපෑම් කලා.”

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ නාමල් බංඩාර නැමැති වයස අවුරුදු අටක පමණ කුඩා පිරිමි දරුවෙක්.

කෙසේවෙතත් තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් තමන් නිවරැදිකරුවන් බවයි මෙම අපරාධය සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින පියා සහ මව අධිකරණයට පවසා සිටියේ.
(under the courtesy of nethfm news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.