Header Ads

තේරීම් කමිටු මහ පුටුවෙන් ජයසූරිය ඉල්ලා අස්වෙයි !


දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව සිටි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ඊයේ ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය අතර ඔහු ඉන් පසුව තමන් හොබවන සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත "ඒ" කණ්ඩායමට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමට අදාළව සිදුකෙරෙන තෝරා ගැනීම්වලදී මතුවී ඇති ගැටලු ජයසූරියගේ මෙම හදිසි තීරණයට ආසන්නම හේතුව බවට පත්වී ඇතැයිද පැවැසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පසුගිය මාස දෙකක කාලය තුළ දක්‍ෂතා පිළිබඳවද සෑහීමකට පත්නොවන බවද පසුගියදා ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටි අතර තේරීම් කටයුතු කිරීමේදී ඇතිවන අපහසුතා ගැනද අප වෙත අදහස් දැක්වීය. කෙසේ වෙතත් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේම පැවැත්වීමට නියමිතව තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.