Header Ads

බස් ඇතුළෙ වෙන හිරිහැර වලට වැට.


පොදු ප්‍රවාහන සේවාවන් තුළදී  කාන්තාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ කුමන හෝ ආකාරයකින් අතවරයකට ලක්‌වන බව නිරන්තරයෙන් වාර්තා වේ. මේ තත්වය වැළැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

මාර්තු මස 8 වැනි දිනට යෙදී ඇති ලෝක කාන්තා දිනයට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පොලිසිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියා කරයි.

පවුල හා කාන්තා සමාජය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන අතර එවැනි අතවර සිද්ධීන් සිදුවන්නේ නම් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙසද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

බලපත්‍ර නැතිව බස් 25 ක් දුවනවා

කොළඹ සිට යාපනයට බලපත්‍ර නොමැති බස් රථ 20 ක් ධාවනය වන බවත් දක්ෂිණ අධිවේගි මාර්ගයේ බලපත්‍ර නොමැතිව බස් රථ 05 ක් ධාවනය වන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර සඳහන් කළේ, එම බස් රථ රාත්‍රී කාලයට ධාවනය වන බව ය.

මෙම බස් රථ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග පරික්ෂා කිරිම් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කර සිටියි.

බලපත්‍ර නොමැතිව ධාවනය වන බස් රථයක් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ දෙකක් දක්වා දඩ මුදලක් නියම කළ හැකි ලෙස ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.