Header Ads

අනුරාධපුර දැරියකගේ අනවශ්‍ය තැනක් මිරිකා පලාගිය තරුණයෙකුට ගුටිපූජාවක්.


අනුරාධපුර නව නගරයේ රාත්‍රී ආපන ශාලාවකට පැමිණ සිටි බාලවයස්කාර දැරියකගේ ශරීරිය මිරිකා පලාගිය තරුණයෙකු අල්ලාගත් නගර වැසියන් පිරිසක් ඔහුට ගුටි පුජාවකින් සංග්‍රහ කල පුවතක් වාර්තාවනවා.

බාලවයස්කාර දැරිය මව සමගින් අනුරාධපුර නව නගරයේ පිහිටි රාත්‍රී ආපන ශාලවකට රාත්‍රීයේ පැමිණ ඇති අතර මව ආහාර රැගෙන ඒමට යතුරු පැදිය නවතා ආපනශාලාවට ගොස් තිබෙනවා.

එම දැරිය යතුරු පැදිය උඩට වී වාඩිවී සිටිද්දී තරුණයා එම ස්ථානයට පැමිණ දැරියගේ පිටුපස ප්‍රදේශය අතගා මිරිකා දිවගොස් ඇත.

ඉන් බියට පත්වූ දැරිය කෑගසද්දී මව ආපන ශාලාවේන් පිටතට පැමිණ සිය දියණියට අතවර සිදුකර පලායන තරුණයා පිටුපස යතුරු පැදියේ නැගී එලවාගෙන ගොස් යතුරු පැදිය හරස්කර ඔහුව අල්ලාගෙන තිබෙනවා.

ඇය පසුපස පැමිණි ආපන ශාලාවේ සේවකන් හා නගර වාසීන් පිරිසක් තරුණයා වටකර අල්ලා ගෙන හොඳහැටි අල්ලාගෙන පහරදී ඇති අතර පහරපිට පහරකෑ තරුණයා ඔවුන්ගෙන් මිදී නගරයේ අතුරු මාර්ගයක් ඔස්සේ පලා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.