Header Ads

නර්තන ශිල්පිණියක් කෝටිපති ව්‍යාපාරිකයෙක්ව හෝටලයක් ඇතුලෙදි කරකවලා අතහැරපු හැටි.


මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති සාදයක් අතරතුර කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පවුම් 21.1/2 ක රන්මාලයක් සොරාගත් නර්තන ශිල්පිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රන් මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි පැවසෙන්නේ.

මෙම නර්තන ශිල්පිනිය හෝටලයේ නැටුම් සඳහා පැමිණ සිටි නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් බවද වාර්තාවනවා.

පසුගියදා මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගේ මිතුරන් 12 දෙනෙකු සමග රාත්‍රීයේ මෙම හෝටලයට පැමිණ මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

ව්‍යාපාරිකයා පසුදින අලුයම සාදය නිමාකර කොම්පඥ්ඥවීදියේ පිහිටි නිවෙසකට ගොස් ඇති බවත් එහිදී ඔහුගේ ගෙලේ තිබූ රන් සුර තුනක් සහිත මාලය නොමැති බවයි මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

තමන් සාදයේ නර්තනයේ නිරත වෙමින් සිටියදී මාලය බර නිසා ගලවා මේසයක් මත තැබූ බවත් එය කිසිවකු විසින් සොරාගෙන ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වනවා.

පසුව ඔහු සමග නර්තනයේ යෙදුනු ශිල්පිනියට අයත් තලංගම ඉසුරුවිල ප්‍රදේශයේ නිවෙස සෝදිසි කිරීමේදී එහි අල්මාරියක සඟවා තිබූ මෙම රන්මාලය සොයාගෙන තිබෙනවා.

පොලිසිය නිවෙස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ එම නර්තන ශිල්පිනිය රාජකාරියට බාධා කළ බවත් පොලිසිය පැවසුවා.

සිද්ධිය වුණු අවස්ථාවේ එම ව්‍යාපාරිකයා අධික බීමතින් සිටි බවද පොලිසිය සඳහන් කරනවා.


(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.