Header Ads

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 17දා සිංගප්පූරුවට පැමිණීමට නියමිත බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මේවන විට සිටින්නේ සිංගප්පූරුවේ වන අතර ඔහු සිංගප්පූරුවට ගියේ හදිස්සියේය.

සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා මහින්ද මහතා සිංගප්පූරුවට ගිය බවට මුලින් වාර්තාවුද පසුව ඔහු සිංගප්පූරුවට ගොස් ඇත්තේ බැංකුවකින් මුදල් ගැනීමට බවටද කතා පැතිර තිබිණි.

කෙසේවුවද හිටපු ජනපතිවරයා අද (18දි) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

ඒ මහතා සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටී.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.