Header Ads

සැමියෙක් සිය බිරිඳගේ කන් කපා දමයි.


ඇෆ්ගනිස්ථාන සැමියෙකු සිය බිරිඳගේ දෑත් බැඳ දමා ඇයගේ කන් දෙක කපා දැමීමේ සිදුවීමක් එරට උතුරුදිග ප්‍රදේශයෙන් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සරිනා නමැති 23 හැවිරිදි කාන්තාවක මෙම සිදුවීමට මුහුණ පා ඇති බව ය.
රෝහල් බලධාරීන් පවසන්නේ, සිදුවීමෙන් පසු රෝහල්ගත කෙරුණු ඇයගේ තත්ත්වය සුව අතට හැරී ඇති බවයි.
තමා කිසිදු වරදක් සිදු නොකළ බව ත් සැමියා තමාට මෙවැනි අපරාධයක් සිදු කළේ ඇයි දැයි තමා නොදන්නා බව ත් ඇය විදෙස් මාධ්‍යයට පවසා ඇත.
සිද්ධියෙන් පසු අදාළ සැමියා ප්‍රදේශයෙන් පළා ඇති අතර ඇය පොලීසියෙන් ඉල්ලා ඇත්තේ සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස ය.
13 වන වියේදි විවාහ දිවියට පත් තමා හා සැමියා අතර එතරම් හොඳ සබඳතාවක් නොපැවති බව ත් දෙමාපියන් බැලීමට යාමට හෝ තමාට ඔහුගෙන් තමාට අවසර හිමි නොවූ බව ත් ඇය පවසා ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.