Header Ads

අනුෂ්කා ෂර්මා හොල්මනක් වෙයි.

අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ තමන් මැවූ චරිත ගැන බෙහෙවින් තෘප්තිමත් නිළියක්. ඇය අතරමං වුණු පෙම්වතියගේ චරිතයේ සිට මල්ලවපොර සූරියකගේ චරිතය දක්වා චරිත නිරූපණය කරලා තියෙනවා. තමන්ට ඕනෑම චරිතයකට පණ දිය හැකිය යන ස්ථාවරයෙන් සිටින ඇය මේ දක්වා විවිධාකාර චරිත ලැබීම තමන්ගේ වාසනාව ලෙසින් දකිනවා.

"නිළියක් විදියට මට ඕනෑම චරිතයක් කරන්න හැකි බව සිතනවා. නමුත් මට ලැබෙන අවස්ථාවන් අනුව එය රඳා පවතිනවා. ඒ විදියට ගත්තත් මම ගොඩක් වාසනාවන්තයි. මොකද මට මේ දක්වා ලැබුණු හැම චරිතයකට හොඳීන් පණ දෙන්න හැකි වුණා. ප්‍රේක්ෂකයන්ද ඒ චරිතවලට කැමැති වුණා. මං හිතන්නේ වැදගත්ම දෙය එය යි. මොකද අපට ප්‍රේක්ෂකයන් සතුටු කරන්න හැකි වෙන්නේ අපේ චරිතවලින් විතරයි.

අපි තිරයේ දක්වන චරිත සමඟින් ප්‍රේක්ෂකයා ආදරයෙන් බැඳෙනවා. ඒ නිසා අපි හැම තිස්සෙම වෙනස් චරිත කළ යුතුයි. මට මගේ වෘත්තියේදී ඒ වගේ විවිධ අවස්ථා ලැබීම ගැන සතුටුයි." අනුෂ්කා පවසනවා. ඒ විතරක් නෙවෙයි ඇය NH10  චිත්‍රපටය සමඟින් නිෂ්පාදනයටත් පිවිසුණා. දැන් ඇය සිය දෙවැනි නිෂ්පාදනයට සූදානම්. Phillauri  නම් එහි අනුෂ්කා හොල්මනකගේ චරිතයට පණ පොවනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.